රුලං ටොෆි හදමු (Semolina) 🧈

රුලං ටොෆි හදමු (Semolina) 🧈 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • රුලං ග්‍රෑම් 200
  • සීනි ග්‍රෑම් 250
  • ගාගත් බෑයක පොල් 
  • කජු ස්වල්පයක් 
  • කරදමුංගු කිහිපයක් හෝ වැනිලා ස්වල්පයක් 
  • උණු වතුර අඬු කෝප්ප කාලක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ▪️ මුලින්ම පොල් ටික හොඳට මද ගින්දරේ බැද ගන්න.මොකද පොල් වල තෙත ගතිය ගියාම මාසයක් උනත් රුලං ටොෆි කල් තබා ගන්න පුළුවන්.නමුත් පොල් ටික හැකි තරම් අඩු ගින්දරේ බැද ගන්න.දුඹුරු පාට කරන්න එපා.
  2. ▪️ පසුව හීනියට කපා ගත් කජු ටිකත් පොඩ්ඩක් බැද ගන්න.
  3. ▪️ ඊට පසු රුලං ටික බැද ගන්න හොඳින් සුවඳ හමන තුරු විනාඩි 10 ක් වගේ අඩු ගින්දරේ බැද ගන්න.
  4. ▪️ දැන් බැද ගනිපු පොල්,කජු සහ රුලං එකට දමා හොඳට කවලම් කර පසෙකින් තබන්න.
  5. ▪️ අනතුරුව ඉඩකඩ ඇති භාජනයක් ලිප තියා සීනි වලින් කොටසක් දමා කැරමල් කරන්න.ඒ ටික කැරමල් වීගෙන එන විට ඉතිරි සීනි ටිකත් එකතු කර වැනිලා ස්වල්පයක් හෝ කුඩු කර ගත් එනසල් එකතු කර සියල්ලම කැරමල් උනාට පසු උණු වතුර කෝප්ප කාලක් එකතු කරල හොඳට දිය කරන්න. ඊළඟට රුලං මිශ්‍රණය එකතු කරල හොඳට කවලම් කරන්න.🔴 කැරමල් ක්‍රමයට නැතුව සීනි එක පත් පැණි විදියට හදා ගන්නත් පුළුවන් හරි පදමට 👍
  6. ▪️ ඊට පසු බටයක් ආධාරයෙන් හැඩයට හදා ගන්න.එසේ නැතිනම් තෙල් ගාගත් තැටියක තුනී කරල කෑලි කපා ගන්න.
🔴 සීනි කැරමල් එකට රුලං එකතු කරල වැඩි වෙලාවක් තියන්නෙ නැතුව එක්කො තුනී කරන්න නැත්නම් බටයකින් කැරලි හදා ගන්න.මොකද මේක ඉක්මනට වේළිලා ඝන වෙනවා. කෑලි කපනවා නම් හොඳටම වේලෙන්න පෙර කෑලි කපා නිවෙන්න තියන්න.

🔴🔴 තල තියේනම් බැදල එකතු කර ගන්න පුළුවන්.හරිම රසයි එතකොට.👍👍👍👍

♦️ ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇 මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්.ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුලං ටොෆි හදමු (Semolina) 🧈 රුලං ටොෆි හදමු (Semolina) 🧈 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment