Seethala Sanda Eliye Song Lyrics - සීතල සඳ එළියේ ගීතයේ පද පෙළ

Seethala Sanda Eliye Song Lyrics - සීතල සඳ එළියේ ගීතයේ පද පෙළ
Song Title : Seethala Sanda Eliye (සීතල සඳ එළියේ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : හඩ්සන් සමරසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


සීතල සඳ එළියේ
පීදුණ සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන් //

සඳළුතලාවේ මුනින්තලාවී
ඈත බලාගෙන කඳුළු සලන්නී
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්

සීතල සඳ එළියේ
පීදුණ සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්

සදාහරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ //
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්

සීතල සඳ එළියේ
පීදුණ සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seethala Sanda Eliye Song Lyrics - සීතල සඳ එළියේ ගීතයේ පද පෙළ Seethala Sanda Eliye Song Lyrics - සීතල සඳ එළියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment