සැන්ඩ්විච් පොල් රොටි හදමු (Sandwich Pol Roti)

සැන්ඩ්විච් පොල් රොටි හදමු (Sandwich Pol Rroti) - Your Choice Way

අද මම විශේෂ රස කෑමක් හැදුවා . සැන්ඩ්විච් පොල් රොටි . මෙහෙම පොල් රොටි හදලා කාලා බලන්න කෝ වෙනසකට . හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . හැබැයි මම මේකට ආටා පිටිත් මිශ්‍ර කලා . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි 125g (කප් 1)
  • ආටා පිටි 75g
  • ගාගත් පොල් 100g  
  • ලුනු කුඩු තේ හැදි 1/2
  • වතුර අනා ගැනීමට 

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට පොල් ටික දමා එයට ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . දැන් පිටි වර්ග දෙක දමා මිශ්‍ර කරන්න . පසුව වතුර ටික ටික දමමින්  අනා ගන්න . 
  2. එලෙස සාදා ගත් පිටි ඩෝ එක සමාන කොටස් 4කට බෙදා බෝල සාදා ගන්න . දැන් එක එක බෝල ගෙන පිගානක තුනී කරන්න . ගොඩාක් තුනී කරන්න එපා . මේවා දෙකට මැදින් පලනවා.  එලෙස සාදා ගත් රොටි තැටියක තබා දෙපැත්ත දමමින් පුච්චා ගන්න .
  3. දැන් මේවා මැදට තියන්න සම්බලක් සාදා ගමු.සිහින්ව කපා ගත් ළුනු ගෙඩ් 1 සහ කපා ගත් අමු මිරිස් , ලුනු , දෙහි එකතු කර ග්‍රයින්ඩර් එකට දමා ග්‍රයින්ඩ් කරන්න . මම කැලි මිරිස් ටිකකුත් දැම්මා . (පහල පින්තූරයේ පෙනන පරිදි).
  4. පසුව සාදා ගත් රොටි දෙකට මැදින් පලා සාදා ගත් සම්බල මුළු රොටියෙම එක පලුවක තබා අනිත් පලුව උඩින් තබන්න . හදලා බලන්න කෝ . 
මෙම රොටි වලට ඕන නම් පැණි පොල් සාදා තියන්නත් පුළුවන්. 

ධම්මිකා පනංගල
සැන්ඩ්විච් පොල් රොටි හදමු (Sandwich Pol Rroti) - Your Choice Way

සැන්ඩ්විච් පොල් රොටි හදමු (Sandwich Pol Rroti) - Your Choice Way

සැන්ඩ්විච් පොල් රොටි හදමු (Sandwich Pol Rroti) - Your Choice Way

සැන්ඩ්විච් පොල් රොටි හදමු (Sandwich Pol Rroti) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සැන්ඩ්විච් පොල් රොටි හදමු (Sandwich Pol Roti) සැන්ඩ්විච් පොල් රොටි හදමු (Sandwich Pol Roti) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment