පාන් කොත්තුවක් හදමු (Pan Koththu) - Your Choice Way

පාන් කොත්තුවක් හදමු (Pan Koththu) - Your Choice Way

මම අද කෑමට රසවත් කැමක් හැදුවා . මේක නිර්මාන්ශ අයටත් අනිත් අයටත් හොඳයි . මේකට බිත්තර චිකන් දාලත් නැතුවත් හදන්න පුලුවන් . කොහොම  හැදුවත් හරිම රසයි . මෙය පාන් වාටි දාලා හදන්නේ . පාන් කොත්තුවක්. මෙහෙමයි හදන්නේ . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පෙති 12 (ඒවල වාට් සහ පාන් පෙති 4)
  • තක්කාලි සෝස් මේස හැදි 2 
  • සොයා සෝස් මේස හැදි 2  (තියෙනවා නම්)
  • බිත්තර 2
  • චිකන් කරියක් 
  • කැලි මිරිස් මේස හැදි 1 
  • බැදපු තුනපහ මේස හැදි 1 
  • මිරිස් කුඩු තේ හැඳි 1 
  • කහ කුඩු තේ හැඳි 1 /2
  • පොල් තෙල් මේස හැදි 3 
  • පොඩි රට ළුනු ගෙඩි 1 (සිහින්ව කපා ගත්)
  • අමු මිරිස් කරල් 3  (සිහින්ව කපා ගත්)
  • සුදු ළුනු බික් 3   (සිහින්ව කපා ගත්)
  • රම්පෙ  සහ   කරපිංච  (සිහින්ව කපා ගත්)
  • සීනි තේ හැඳි 1 /2
  • කැරට් අල 1 (සිහින්ව කපා ගත්)
  • ලීක්ස් (සිහින්ව කපා ගත්)
  • ගෝවා (සිහින්ව කපා ගත්)
  • කුඩා තක්කාලි ගෙඩි 1 

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව පාන් තරමක කුඩා කැබලි වලට කපා ගන්න. පැත්තකින් තබන්න . (පහල පින්තූරයේ පෙනෙන පරිදි )
  2. දැන් සෝස් එක සාදා ගමු . කුඩා භාජනයකට සොයා සෝස් , තක්කාලි සෝස් සහ සීනි දමා හොදින් මිශ්‍ර කරන්න . එයත්  පැත්තකින් තබන්න . 
  3. භාජනයක් ලිප තබා තෙල් දමා රත් වු විට සුදු ළුනු සහ අමු මිරිස්  දමා බැද ගන්න . පසුව එයට ළුනු  කරපිංච සහ රම්පෙ එකතු කර ටිකක් බැද ගන්න.දැන් එයට කැලි මිරිස් , මිරිස් කුඩු ,බැදපු තුනපහ, ලුනු කුඩු  සහ කහ කුඩු එකතු කර මිශ්‍ර කරන්න . ටික වේලාවකින් කැරට් එකතු කර හොදින් කලවම් කරන්න . .
  4. ටිකක් වෙලා බැදුණු පසු බිත්තර 2 එකතු කර හොදින් මිශ්‍ර කරන්න . 
  5. දැන් චිකන් කරි සහ චිකන් කුඩාවට කපා  එකතු කර හොදින් කලවම් කරන්න .  නිර්මාන්ශ අය වතුර කප් 1/4 දාන්න .
  6. පසුව ඉතිරි එළවළු සහ සාදා ගත් සෝස් එක  එකතු කර හොදින් කලවම්  කරන්න .  
  7. අවසානෙට පාන් කැබලි එකතු කර හොදින් කලවම් කරන්න . හැදි දෙකකින් කරන්න . 
  8. මේකට කරියක් අවශ්‍ය නැහැ . මෙහෙම කන්න පුලුවන් . ඕන නම් උඩින් සෝස් දාගෙන කන්න .හදලා බලන්න කෝ .
Dhammika Panangala (ධම්මිකා පනංගල)

පාන් කොත්තුවක් හදමු (Pan Koththu) - Your Choice Way

පාන් කොත්තුවක් හදමු (Pan Koththu) - Your Choice Way

පාන් කොත්තුවක් හදමු (Pan Koththu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පාන් කොත්තුවක් හදමු (Pan Koththu) - Your Choice Way පාන් කොත්තුවක් හදමු (Pan Koththu) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment