ක්‍රිස්මස් කප් කේක් හදමු (Christmas Cupcake)

ක්‍රිස්මස් කප් කේක් හදමු (Christmas Cupcake) - Your Choice Way

කප් කේක් හදමුද නත්තලට.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි ග්‍රෑම් 325
  • සීනි ග්‍රෑම් 250
  • බටර් ග්‍රෑම් 250 
  • බිත්තර 6
  • බේකින් පවුඩර් ග්‍රෑම් 8
  • වැනිලා තේ හැදි 1 1/2
  • කැමතිනම් පමණක් කිරි මි.ලි 25
බටර් ක්‍රීම් එක සදහා
  • බටර් ග්‍රෑම් 200
  • අයිසින් සීනි ග්‍රෑම් 400
  • රෝස් එසන්ස් තේ හැදි 3
  • කැමති වර්ණකයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ගැඹුරු භාජනයකට බටර් හා සීනි එක් කර හොදින් ක්‍රීම් වන තෙක් බීට් කරන්න.ඒ අතර තුර එක් එක් බිත්තර බැගින් එකතු කරමින් වැනිලා ද එක් කරමින් බීට් කරන්න.
  2. පාන් පිටි හා බේකින් පවුඩර් මිශ්‍ර කර 3න් වරක් පමණ හලා එයද ඉහත සාදා ගත් බටර් මිශ්‍රණයට එක් කරමින් ලී හැන්දක් ආධාරයෙන් මිශ්‍ර කර ගන්න .
  3. පිලිස්සීමට සූදානම් කරගත් මෆින් තැටියේ පේපර් කප් රදවා සාදා ගත් මිශ්‍රණයෙන් 3/4 ප්‍රමාණයක් කප් වලට පුරවා ගන්න .
  4. 180 °C ඌෂ්ණත්වයට උණුසුම් කර ගත් උදුනක මිනිත්තු 10-15 ක් පුළුස්සා ගන්න .( පිලිස්සීමට ගතවන කාලය උදුනේ ස්වභාවය අනුව වෙනස් විය හැකි බැවින් ඒ පිලිබඳ සැලකිලිමත් වන්න.)
  5. දැන් බටර් ක්‍රීම් එක සාදා ගැනීම සදහා බෝල් එකකට බටර් හා රෝස් එසන්ස් එක් කර මෘදු වන තෙක් බීට් කර එයටම අයිසින් සීනි , කැමති වර්ණකයක් එක් කර හොදින් මිශ්‍ර කර ගන්න .
  6. අවසානයට බේක් කරගත් කප් කේක් පිටතට ගෙන හොදින් නිවුනු පසු ස්ටාර් නොසලයක් සවිකරගත් පයිපින් බෑගයකට බටර් ක්‍රීම් දමා කප් කේක් මත සරසා ස්ප්‍රින්කල්ස් හෝ අයිසින් සීනි ඉස නත්තල් මේසයට යවන්න.
Chef Nadee (නදී අමරසිංහ)
ක්‍රිස්මස් කප් කේක් හදමු (Christmas Cupcake) - Your Choice Way

ක්‍රිස්මස් කප් කේක් හදමු (Christmas Cupcake) - Your Choice Way

ක්‍රිස්මස් කප් කේක් හදමු (Christmas Cupcake) - Your Choice Way
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ක්‍රිස්මස් කප් කේක් හදමු (Christmas Cupcake) ක්‍රිස්මස් කප් කේක් හදමු (Christmas Cupcake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment