Your Choice Way

Sanda Dilunath Tharu Nagunath Song Lyrics - සඳ දිලුනත් තරු නැඟුනත් ගීතයේ පද පෙළ

Sanda Dilunath Tharu Nagunath Song Lyrics - සඳ දිලුනත් තරු නැඟුනත් ගීතයේ පද පෙළ
Song Title : Sanda Dilunath Tharu Nagunath (සඳ දිලුනත් තරු නැඟුනත්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.කේ. රොක්සාමි
1969 දී නිකුත් කළ Hits of Milton Mallawarachchi තැටියට ඇතුළත් වූ ගීයකි(තැටි අංක Philips EP 1969 - JVPC 1051)



සඳ දිලුනත් තරු නැඟුනත්
බැබලි බැබලි අඹරේ
අඳුර මිසක් නැත එළියක්
ඔබ නැති කල සොඳුරේ //

සැප දුක දෙක හවුලට විඳි හදවත සනසාලූ
ඔබ නැතිවුණ ලෝකය මට වැලි කතරෙකි පාළූ
ජීවිතයම පරඬැල මෙනි සැලි සැලි ගතවෙන්නේ
කාගෙ සිනා දැක ගන්නද ගෙදරට මා එන්නේ

සඳ දිලුනත් තරු නැඟුනත්
බැබලි බැබලි අඹරේ
අඳුර මිසක් නැත එළියක්
ඔබ නැති කල සොඳුරේ

සමහරවිට ඔබ මගෙ ළඟ ගැවසෙන බව තේරේ
කිසිම තැනක ඔබ නොපෙනෙයි නෙතග කඳුළු බේරේ
සැකයක් නැත ගුණවත් ඔබ අද දෙවියන් අතරේ
පෙර පව් කළ මා තවමත් මිනිසුන් මැද අඳුරේ

සඳ දිලුනත් තරු නැඟුනත්
බැබලි බැබලි අඹරේ
අඳුර මිසක් නැත එළියක්
ඔබ නැති කල සොඳුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Dilunath Tharu Nagunath Song Lyrics - සඳ දිලුනත් තරු නැඟුනත් ගීතයේ පද පෙළ Sanda Dilunath Tharu Nagunath Song Lyrics - සඳ දිලුනත් තරු නැඟුනත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, December 23, 2021 Rating: 5

0 comments:

Post a Comment