Obe Nil Nuwan Thalawe Song Lyrics - ඔබෙ නිල් නුවන් තලාවේ ගීතයේ පද පෙළ

Obe Nil Nuwan Thalawe Song Lyrics - ඔබෙ නිල් නුවන් තලාවේ ගීතයේ පද පෙළ
Song Title : Obe Nil Nuwan Thalawe (ඔබෙ නිල් නුවන් තලාවේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එඩ්ගා පෙරේරා
1969 දී නිකුත් කළ "නෙත නොපියා" EP තැටියට ඇතුළත් වූ ගීයකි.(තැටි අංක Philips JVPC 1069)


ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

ඔය දෑත මාගෙ දෑතේ
සතපා ගෙවූ අතීතේ //
දෙදෙනා නොවේද දන්නේ
සිත දැන් තමයි සිතන්නේ

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

මුලදී වුණේ මුලාවයි
වැරදීම මා අතේමයි  //
නොසැලී බලා එදා මෙන්
විඳිමී ඔබේම නාමෙන්

ඔබෙ නිල් නුවන් තලාවේ
සැලේ කඳුළු මිදිලා
මට ඒ මැදින් පෙනෙන්නේ
අපේ මතක මැවිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Nil Nuwan Thalawe Song Lyrics - ඔබෙ නිල් නුවන් තලාවේ ගීතයේ පද පෙළ Obe Nil Nuwan Thalawe Song Lyrics - ඔබෙ නිල් නුවන් තලාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 23, 2021 Rating: 5

0 comments:

Post a Comment