අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk)

අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කඩල පිටි ග්‍රෑම් 500
  • පාන්පිටි ග්‍රෑම් 200
  • සූදුරු ස්වල්පයක් 
  • කහ කුඩු ස්වල්පයක් 
  • තල ඇට ග්‍රෑම් 50
  • ලුණු රස අනුව 
  • මිරිස් කුඩු 
  • මද උණුසුම් වතුර 
  • බැදීමට පොල් තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. ▪️ මුලින්ම භාජනයකට කඩල පිටි,පාන් පිටි,තල, මිරිස් කුඩු,සුදුරු ස්වල්පයක් සහ ලුණු රස අනුව දමා කහ ස්වල්පයක්ව එකතු කර හොදින් කවලම් කර ගන්න.
  2. ▪️ දැන් මදක් උණුසුම් වතුර ටිකෙන් ටික දමා පිටි එක අනා ගන්න.එක පාර වතුර ගොඩක් දාන්න යන්න එපා.අපි ඉඳි අප්ප හදන පදම දන්නවනේ.. අන්න ඒ ගානට අනා ගන්න. ඒ වගේම පිටි මෝලිය හොදට නීට් කරන්න.
  3. ▪️ ඊට පසු තමන් කැමති හැඩයකට මුරුක්කු ටික සාදා ගන්න.මම නම් අනෝදා මලක හැඩයට තමයි හැදුවෙ.
  4. ▪️ අපි නීට් කර ගනිපු පිටි ඩෝ එක කුඩා කොටස් වලට කඩල එකක් අරන් පාන් පිටි පොඩ්ඩක් ලෑල්ලට ඉහල රෝලින් පින් එකකින් ඉතාම තුනී වෙනකන් තුනී කරන්න.
  5. ▪️ දැන් පොඩි තීරු කපා ගෙන ඒවායින් හරි හතරැස් කොටු කපා ගන්න.ඊට පස්සෙ ඒ සමචතුරස්‍රාකාර වල ප්‍රතිවිරුද්ධ මුලු වලින් දෙකට නවල අදින්න ඕන. ඒක කරලම බලන්න. කියන්න අමාරුයි 😃😃
  6. ▪️ ඔයාලට ඕන නම් මේකෙන්ම කටු මුරුක්කු හෝ ඉඳි ආප්ප වංගෙඩියක් ආධාරයෙන් වක්කරල හදා ගන්න උනත් පුළුවන්.
  7. ▪️ දැන් තෙල් එකක් ලිප තියා හොඳින් රත් වෙන්න දෙන්න. තෙල් එක රත්වීගෙන එද්දි කුරුදු පොත්තක් දාන්න තෙල් ටික සුවඳ වෙන්න.ඊට පස්සෙ ඉතින් අපේ මුරුක්කු ටික රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ හොඳට බැද ගන්න.
  8. ▪️ පසුව තෙල් බේරෙන්න තියන්න.ප්‍රින්ටඩ් පේපර් වලට නම් දාන්න එපා.👹️
  9. ▪️ හොඳට තෙල් ඉවත් වෙලා වේළුනාට පසු මිරිස් කුඩු සහ ලුණු කුඩු ටිකක් තවරල රස විඳින්න. 😃 ඉතිරි ඒවා හුලං නොවදින භාජනයක දාල අසුරන්න. හරිම ලේසි වැඩක්.
🔴 ඔයාල කැමති නම් මේ විදියට සීනි බෙල්ලො හදන්න උනත් පුළුවන්.ගිය සතියෙ සීනි පතුරු හදපු නිසා අද ටිකක් සැරට මේක හැදුව ඉතින්..

එහෙනම් ආයෙම දවසක කෑමක් හැදුවම ඔයාල හැමෝම එක්ක දැනුම බෙදා ගන්නම්. මේ දවස් වල ගෙදර උනාට online වැඩත් එක්ක ටිකක් විතර කාර්‍ය බහුලයි. 
හැමෝටම උතුම් තෙරුවන් සරණයි  ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way

අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way

අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way

අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way

අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way

අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way

අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way

අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way

අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) අනෝදා මල් හැඩැති මුරුක්කු හදමු (Murukk) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 15, 2021 Rating: 5

0 comments:

Post a Comment