අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones)

අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) - Your Choice Way

අද වනවිට බහ තෝරන කුඩා දරුවාගේ පටන් වයෝවෘද්ධ වැඩිහියා දක්වාම පාවිච්චියට ගන්නා ලොකු කුඩා අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාසය පිලිබදව තොරතුරු ඔබවවෙත ගෙනේමටයි මේ සූදානම..

ගඩොල් භාගයේ සිට ආ ගමන් මග.....
වර්තමානයේ විවිධ නම් වලින් හා විවිධ මාදිලියෙන් පැමිණෙන ජංගම දුරකථන වල මූලාරම්භය කුමක් දැයි ඔබ සිතුවාද? එම ප‍්‍රශ්ණය ඔබට ලබාදුන හොත් ඔබ බොහෝ විට දෙන පිළිතුර වනුයේ ‘‘ගඩොල් බාග’’ දුරකථන යන්නයි. ඔබ වැරදිය. ගඩොල් බාග දුරකථන හෙවත් පළමු පරම්පරාවේ අති විශාල ජංගම දුරකථන, ජංගම දුරකථන ඉතිහාසයේ එක් පියවරක් පමණි. සත්‍ය ලෙසම ජංගම දුරකථනයේ ඉතිහාසය 1800 දක්වා ඇදී යන බව ඔබ දැන සිටියාද?

දුරකථනයට පෙර බිහිවූ පණිවිඩ කොටන කලාව Telegraph.....

වත්මන් ජංගම දුරකථන භාෂාවෙන් දුරකථනයක ‘‘කෙටීම’’ ලෙස හඳුන්වන්නේ SMS Type කිරිමයි. ජංගම දුරකථනයේ ආරම්භක සංකල්ප අතරින් එක් සංකල්පයක් ලෙස මෙය හඳුන්වාදීමට හැකිය. 1800 දී පුද්ගලික හා ව්‍යාපාරික සන්නිවේදනය සඳහා තිබුනේ ප‍්‍රධාන ක‍්‍රම 2 කි. එකක් තැපෑල වූ අතර අනෙක Telegraph යන්ත‍්‍රය විය. ටෙලිග‍්‍රාෆ් යන්ත‍්‍රය යනු ඉතා සරළ මට්ටමේ මට්ටමේ SMS යැවීමේ ක‍්‍රමයක් ලෙස හැඳින්වීම නිවැරදිය. මේ මගින් පණිවිඩ යැවීමට භාවිතා කළේ අන්තර් ජාතික Morse Code හෙවත් මෝස් කේත භාෂාවයි.තඹ ටෙලිග‍්‍රාෆ් කම්බි හරහා ඕනෑම තැනකට විදුලි තරංග මගින් පණිවිඩ යැවීම මෙමගින් සිදුකෙරුණු අතර 19 වන සියවස වන විට මෙම ටෙලිග‍්‍රාෆ් කම්බි මහද්වීප හා සාගර හරහාද පැතිර ගොස් තිබුනි.

ටෙලිග‍්‍රාෆ් පණිවිඩ වල ප‍්‍රධාන ගැටළුව වූයේ පණිවිඩය Morse Code බවට පෙරළීමට හා Morse Code මගින් ලැබෙන පණිවිඩය නැවත ඉංග‍්‍රීසියට හැරවීමට Morse Code දන්නා අයෙකු හැම විටම Teligraph යන්ත‍්‍රය අසල සිටිය යුතු වීමයි. යම් ලෙසකින් Teligraph පණිවිඩය මග හැරුනොත්, ඔබට Missed Call Alert නම් නොලැබේ. ස්ථාවර දුරකථනය කළ එළි බසියි 1876 දී ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්, ශබ්දය ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලෙස ජලය හා වාතය තුළින් ගමන් කරන බව සොයා ගෙන, එම පදනම මත මිනිස් කටහඬ ඉලෙක්ට්‍රෝන ධාරාවක් විදුලි තරංගයක් බවට හරවා තඹ රැහැනක් දිගේ වෙනත් ස්ථානයකට යැවිය හැකි යන්ත‍්‍රයක් හෙවත් දුරකථනය නිපදවන ලදී. දුරකථනයේ ප‍්‍රධානතම වාසිය වූයේ පණිවිඩය තේරෙන භාෂාවෙන් බාධාවකින් හා ප‍්‍රමාදවීම් වලින් තොරව නිසි ආකාරයෙන් ලබා ගත ගැනීමට හා ලබා දීමට හැකි වීමයි.

යුරෝපය හා ඇමරිකාව පුරා පැතිර පැටළුණු වයර් විමානය.....
දුරකථනයේ කලඑළි බැසීමෙන් සමගම ටෙලිග‍්‍රාෆ් යන්ත‍්‍ර එක්වරම අභාවයට ගියේ නැත. නමුත් දුරකථන ද පළමුව රාජ්‍ය ආයතනත් පසුකාලීනව ව්‍යාපාර ආයතනත් එකිනෙක සම්බන්ධ කිරීමට යොදාගන්නා ලදී. ඉක්මනින්ම ටෙලිග‍්‍රාෆ් කම්බි වලට අමතරව දුරකථන රැුහැන් ද මෙම රැුහැන් ජාලය හා එකට ‘‘පැටලී’’ ගියේය. මුල් කාලයේදී පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය එතරම් දියුණු නොවූ නිසා සියලූම ඇමතුම් Manually
අතින් සම්බන්ධ කිරිමට සිදුවිය. මෙම ක‍්‍රමවේදය Switch Board ලෙස හඳුන්වයි. Switch Board එකක් යනු සාමාන්‍යයෙන් කුඩා ගමක නිවෙස් 20 ක් හෝ 30 ක් තුළ ඇති දුරකථන එකිනෙක සම්බන්ධ වන මධ්‍යස්ථානයක් වැනිය. ඔබ පළමුවන නිවසේ සිට 20 වන නිවසට දුරකථන ඇමතුමක් දීමේදි පළමුව Switch Board ක‍්‍රියාකරුට කථා කළ යුතු අතර එතැනින් ඔබේ ඇමතුම 20 වන නිවසට සමිබන්ධ කරනු ලැබේ.

මෙම ක‍්‍රමයේ අවාසිය වූයේ ඔබ වෙනත් රටකට කථා කිරිමේදී ඔබේ ප‍්‍රදේශයේ Switch Board ක‍්‍රියාකරුට කථා කළ පසු එතැනින් ඔබේ පළාත් Switch Board මධ්‍යස්ථානයට, ඔබේ රටේ Switch Board මධ්‍යස්ථානයට යනාදී ලෙස මධ්‍යස්ථාන ගණනාවක් හරහා ඇමතුම සම්බන්ධ වීමට මිනිත්තු ගණනාවක් ගතවීමයි.

රැහැනෙන් මිදී රැහැන් රහිත ලොවක් කරා....
මාර්කෝනිගේ රේඩියෝව සැබවින්ම අනභිබවනීය යන්ත‍්‍රයක් විය. මෙමගින් එක් තැනක සිට තවත් තැනකට අපහසුවකින් තොරව හා රැහැන් රහිතව පණිවිඩයක් දීමට හැකි විය. පසුකාලීනව දියුණු වූ සංඛ්‍යාත මූර්ජනය (FM) හා මුල් කාලීන විස්තාර මූර්ජනය (AM) මගින් නිසි සංඛ්‍යාතයක් (Frequency : 192 MHz, 127.5 MHz) ඔස්සේ පණිවිඩයක් දීමට හා ලබා ගැනීමට හැකි රේඩියෝ උපාංග නිපදවන ලද අතර මේවා තව තවත් වැඩි දියුණු කිරිමට මාර්කෝනි, මාර්කෝනි සමාගම නමින් රේඩියෝ උපාංග සමාගමක් ඇරඹුවේය.

1912 දී ටයිටැනික් නෞකාව ගිලීයාමත් සමග සංඛ්‍යාත කිහිපයකට එකවර සවන් දිය හැකි රේඩියෝ උපකරණ සියලූම නෞකා වල හා නෞකා පාලක මධ්‍යස්ථාන හා වරාය වල තැබිය යුතු යැයි නීතියක් සම්පාදනය වීම 1940 වන විට සංගීතය, ප‍්‍රවෘත්ති, ක‍්‍රීඩා හා බොහෝ වැඩසටහන් ලොව පුරා විකාශය වන ගුවන් විදුලි තරංග ජාලයක් ලොව බිහි කිරීමට පාදකවූ ප‍්‍රධානම හේතුව ලෙස සැලකේ…

රේඩියෝව හා ටෙලිෆෝනය හාද වීමෙන් සෙලියුලර් බිහි වේ......
විසිවන සියවසේ මුල් භාගයේදී නිකොලා ටෙස්ලා, ගුග්ලි එල්මෝ මාර්කෝනි නිෂ්පාදනය කිරීමට උත්සාහ ගත් රැහැන් රහිත සන්නිවේදන උපකරණ සමග විද්‍යුත් චුම්භක තරංග ක්ෂේත්‍රයේ මුල් ගමන් කරුවකු වූ හෙන්රික් හර්ට්ස්ගේ විද්‍යුත් චුම්භක තරංග සංඛ්‍යාතකරණය එක් වීමත් සමග Radio තාක‍්ෂණයෙන් පණිවිඩ හුවමාරුව ලොව පුරා වේගයෙන් ප්‍රචලිත වී ගියේය. 1912 දී මගීන් දෙදහසකට පමණ මරු කැඳවමින් Titanic නෞකාව ගිලී යාමත් සමග සෑම නෞකාවකම Radio උපකරණයක් තිබිය යුතු බවත්, එමගින් නිරතුරුවම ගොඩබිම සමග සබඳතා පවත්වා ගත යුතු බවටත් නීති පනවන ලදී…..

විසිවන සියවසේ මැද භාගය වන විට ලොව පුරා ප්‍රචාරය කර හැරීමට තරම් ප්‍රබල රේඩියෝ සංඛ්‍යාත නිකුත් කළ හැකි රේඩියෝ මධ්‍යස්ථාන විවිධ දියුණු රටවල ස්ථාපනය වී තිබූ අතර දියුණු වූ රටවල නිවෙස්වල දුරකථනයක් හා රේඩියෝවක් දක්නට හැකිවිය. කෙසේ වුවත් දුරකථනවල භාවිතා වූයේ සම්ප්‍රදායික හා මන්දගාමී Switch board තාක‍ෂණයයි.

රේඩියෝව හා දුරකථනය හාදවෙයි.....
1939 දී ඇරඹුණු දෙවන ලෝක යූද්ධය මිලියන ගණනක් ජීවිත බිලිගත්ත ද, යුධ අවි, ගුවන් යානා, ආරක‍ෂිත වාහන හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අති විශාල දියුණු කිරීම් ඇති කිරීමටද එය සමත් විය.

යුධ බිමේදී රේඩියෝ උපකරණ යොදා ගනිමින් සන්නිවේදනය හැසිරවීම අපහසු වූ බැවින් දුරකථනය හා රේඩියෝව එකට එක් කර රැහැන් රහිත දුරකථනයක් නිපදවන ලදී. මෙම දුරකථනයට විවිධ රේඩියෝ තරංග සඛ්‍යාතයන් Frequencies ඔස්සේ මූලස්ථානය හා වෙනත් යුධ කණ්ඩායම් සමග සබඳතා පැවැත්වීමට හැකි විය. යුධ සෙබළුන් කණ්ඩායම් අතර (සෙබලකුගේ කරේ එල්ලාගෙන යා හැකි බෑගයක් ද ලෙස සැකසූ Radio දුරකථන) හා යුද්ධ ටැංකි තුළ මෙවන් Radiophone සවි කරන ලදී.

යුද්ධයෙන් පසුව ඇමරිකානු දුරකථන හා ටෙලිග්‍රාෆ් සමාගම (American Telephones Telegraph – AT&T) Radiophone සංකල්පය තවදුරටත් දියුණු කිරීමට උත්සාහ කරන ලදී. මෙම කාලයේ ඇමරිකානු දුරකථන සේවා වෙළඳපල සම්පූර්ණයෙන්ම හැසිරවූයේ AT&T සමාගම වූ අතර ඔවුන්ගේ අංගසම්පූර්ණ පර්යේෂණාගාරය ඛෙල් පර්යේෂණා ගාරය (ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් ඛෙල්ට ගෞරව පිණිස) ලෙස නම් කර තිබුනි.

1946 දී ඛෙල් පර්යේෂණාගාරය මිසූරි හි ශාන්ත ලූවිස් ප්‍රදේශයේ ජනයා අතර අත්හදා බැලීමක් වශයෙන් Radiophone කිහිපයක් නිකුත් කරන ලදී. Motorolla සමාගම මගින් මෙම උපාංග නිපදවූ අතර මේවා බොහෝ සීමාසහිත උපකරණ විය. මේවා සුසර කළ හැකි වූයේ රේඩියෝ සංඛ්‍යාත 3 කට පමණක් වුවත් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කරන ලදී. මෙම දුරකථන අතේ ගෙන යා හැකි තරම් කුඩාවට නිපදවීමට තරම් සුමට තාක‍ෂණයක් AT&T හෝ Motorolla සමාගම් සතු නොවූ බැවින් මේවා නිපදවූයේ වාහන වලට සවිකිරීම සඳහාය. කිලෝග්‍රෑම් 35ක් පමණ බර වූ මෙම Radiophone ඉතා විශාල විදුලි බලයක් ගිලදැමීමද ගැටළුවක් විය. වාහනයේ එන්ජිම නවතා තිබියදී රේඩියෝව පණ ගැන්වුවහොත් තත්පර කිහිපයකින්ම බැටරිය බැස යනු ඇත.
කෙසේ වුවද ව්‍යාපාරික ජනතාව අතර මෙම දුරකථන ඉතා වේගයෙන් ජනප්‍රියවීම AT&T සමාගම එතරම් බලාපොරොත්තු තැබූ සිදුවීමක් නොවීය. වැඩිවන ඉල්ලූමට සරිලන පරිදි ආවරණ කලාප සැකසීමට AT&T සමාගම ඉක්මන් ක්‍රියාමාර්ග ගත් අතර තවත් නගර 25කට රේඩියෝ ආවරණය සැපයීමට සංඥා කුළුණු කඳු මුදුන් වල පිහිටවන ලදී. මෙම සංඥා කුළුනු ඉතා විශාල බලශක්තියක් පරිභෝජනය කල අතර සීමාසහිත සංඛ්‍යාත ප්‍රමාණයක් තිබූ නිසා වෙනත් අයෙකුගේ සංවාදයකට පහසුවෙන් සවන්දීමට හැකිවීම මෙම තාක‍ෂණයේ ගැටළුවක් විය. AT&T සමාගම තම ඛෙල් පර්යේෂණාගාරය හරහා තවත් අපූර්ව, වෙනස්ම මාවත් තැනීමට පටන් ගත්තේය.

CELLULAR සංකල්පයේ උපත....
AT&T සමාගම දුරකථන නිර්මාණ සමාගමක් නොවීය. ඔවුන් දුරකථන සේවා සමාගමකි. එබැවින් දුරකථන යන්ත්‍රයක් නිපදවීමට ඔවුන් උත්සාහ කළේ නැත. ඔවුන් උත්සාහ කළේ දුරකථන ජාලය දියුණු කිරීමටය. ජංගම දුරකථන ඉතිහාසය දෙස බැලීමේදී ජංගම දුරකථනයට පෙර දුරකථන තරංග ජාලය දියුණුවීමට ප්‍රධාන හේතුව ලෙස මෙය හඳුන්වාදීමට හැකිය.

ඛෙල් පර්යේෂණාගාරයේ නොකඩවා සිදුකෙරුණු පරීක‍ෂණ හා අත්හදා බැලීම් වලින් පසුව 1947 දී Donald H. Ringට හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම නව දුරකථන සංඛ්‍යාත සංකල්පයක් ඉදිරිපත් කරන ලදී.

ring පරීක‍ෂණ මෙහෙයවූයේ දුරකථන කුළුණු වල අධික විදුලි පරිභෝජනය අඩු කිරීමටත් දුරකථන උපාංග වලට සංඛ්‍යාත 3කට වැඩි ප්‍රමාණයක් ලබා දීමටත් විශාල ජනතාවකට එකිනෙකාගේ ඇමතුම් වලට බාධා නොවන ලෙස එකම අවස්ථාවේදී ඇමතුම් ලබාගත හැකි දුරකථන ජාලයක් නිපදවීමටත්ය.

Donald Ring ගේ සංකල්පය වූයේ සංඛ්‍යාත කිහිපයකට පමණක් ඉඩ සලසන එක් අධිබලැති සංඥා කුළුණක් වෙනුවට එකිනෙකට ආවේනික වූ අඩුබලයක් හා අඩු ආවරණ කලාපයක් තිබූ කුඩා සංඥා කුළුණු බොහෝ ප්‍රමාණයක් පිහිටුවීමයි. මෙම එක් එක් කුළුණකට අයත් ආවරණ කලාපයක් ඇති අතර මේ එක් ආවරණ කලාපයක් CELL එකක් ලෙස හැඳින්වේ. Donal Ring ගේ කණ්ඩායම බොහෝ පර්යේෂණ වලින් පසුව තීරණය කළේ මෙම CELL එකක් ශඩාශ්‍රාකාර විය යුතු බවයි. එක් CELL එකක් අවසන් වන විටම එම ආවරණ කලාපයේ මායිමෙන් තවත් Cell එකක් පිහිටා ඇත. එබැවින් ඇමතුම රැගත් උපකරණය එක් ආවරණ කලාපයකින් තවත් ආවරණ කලාපයකට යන විට සංඥාව ඇමතුම විසන්ධි වීමකින් තොරව අනෙක් ක‍ැකක එකට මාරු විය යුතුය.

කෙසේ වුවත් Donald Ring ගේ Cell Network සංකල්පය ක්‍රියාත්මක කිරීම සිතූ තරම් පහසු වූයේ නැත. මෙයට ප්‍රධානතම හේතු දෙකක් දැක්විය හැකිය.

පළමු හේතුව නම් මෙම කර්තවය සඳහා අමතර සංඛ්‍යාත පරාසයක් අවශ්‍ය වීමයි. සැබැවින්ම පැවසුවහොත් එකිනෙකට වෙනස් සංඛ්‍යාත සිය ගණනක් අවශ්‍ය විය. 1947 පිහිටවූ FCC (Federal Communications Commision) ආයතනය ඇමෙරිකානු ගුවන් විදුලි තරංග පාලනය කරමින් සිටි බැවින් AT&T සමාගම ඔවුන්ගෙන් අමතර සංඛ්‍යාත ඉල්ලා සිටියද, එම ඉල්ලීම FCC මගින් ප්‍රතික‍ෂේප කරන ලදී.

දෙවන ගැටළුව වූයේ දුරකථන සංඥාව එක් ක‍ැකක එකකින් තවත් Cell එකකට මාරු කිරීමේ ගැටළුවයි. මෙම ක්‍රියාවලිය Hand off කිරීමක් ලෙස හඳුන්වන අතර එවන විට මෙම කර්තව්‍යය සිදු කලේ Switch board ක්‍රියාකරවන්නන් විසිනි. නමුත් Ring ගේ Cell සංකල්පය ක්‍රියාකරවීමට Switch Board ක්‍රියාකරවන්නන්ට වඩා කාර්යක‍ෂම හා ස්වයංක්‍රීය පාලන මාධ්‍යයක් අවශ්‍ය විය. මෙම කාර්යයට වඩාත්ම ගැලපෙන උපාංගය වූයේ පරිගණකයයි. නමුත් 1947 වන විට පරිගණකයක් කුඩා කාමරයක් තරම් විශාලවූ අතර එයින් සිදුකළ හැකිවූයේ වත්මන් කැල්කියුලේටරයක් මගින් සිදුකරන කාර්යයට වඩා යන්තම් වැඩි කාර්යයකි. අතිවිශාල පරිපථ කුඩා කරනු ලබන Intergrated Circuit හෙවත් සංගෘහිත පරිපථ හා සිලිකන් පරිගණක චිප් බිහිවූයේ තවත් වසර 10 යකට පසුවය. එබැවින් 1947 දී Donald Ring ඉදිරිපත් කල CELL හෙවත් Cellular සංකල්පය එක්වරම ක්‍රියාවට නැංවීම සිදුනොවූ බව කිව යුතුය…

බොහෝ දෙනා සිතා සිටිනුයේ වර්තමානයේ ඇති විවිධ ජංගම දුරකථන වලට මූලාරම්භය වී ඇත්තේ අප සාමාන්‍යයෙන් පවසන ගඩොල් බාග දුරකථන හෙවත් පළමු පරම්පරාවේ අති විශාල දුරකථන කියාය.නමුත් මෙම ගඩොල් බාග දුරකථන ජංගම දුරකථන ඉතිහාසයේ එක් පියවරක් පමණයි.සත්‍ය ලෙසම ජංගම දුරකථනයේ ඉතිහාසය 1800 දක්වා දිව යන්නකි. 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, ශබ්දය ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලෙස ජලය හා වාතය තුලින් ගමන් කරන බව සොයගෙන, එම පදනම මත මිනිස් කටහඬ ඉලෙක්ට්‍රෝන ධාරාවක් බවට පත් කර තඹ කම්බියක් මගින් වෙනත් ස්ථානයකට යැවිය හැකි යන්ත්‍රයක් හෙවත් දුරකථනය නිපදවන ලදී.දුරකථනයේ ප්‍රධානතම වාසිය වූයේ පණිවිඩය තේරෙන භාෂාවකින්, බාධාවකින් හා ප්‍රමාදවීමකින් තොරව ඉතාමත් පහසුවෙන් ලබා ගත හැකි වීමයි.

බොහෝ කලකට පෙර මුල්ම ජංගම දුරකථන "කාර් දුරකථන" ලෙස සැලකේ. මක් නිසාද යත් එම ජංගම දුරකථන පදධතියේ විශාලත්වය අතේ හෝ පසුම්බියක රදාවා තබා ගැනීමට  හැකි මට්ටමට වඩා වැඩි වූ බැවිනි.

1922 දී චිකාගෝ පොලිස් නිලධාරීන් ජංගම කාර් රේඩියෝ පද්ධතියක් ආදාරයෙන් පනිවිඩ හුවමාරු කරගෙන ඇත. මෙය සංකල්පීය ජංගම පනිවිඩ හුවමාරුවක් ලෙස හැදින්විය හැක.

කාර් ෆෝන් සංකල්පයෙන් ඔබ්බට ගොස් අතේ රැගෙන යා හැකි අන්දමට දුරකථනයක් නිශ්පාදනයට 1970 දී ඇමරිකානු ඉන්ජිනේරුවකු වන මාටින් කූපර් සමත් වන අතර කාලයාගේ ඇවෑමෙන් 1983 දී මෝටරෝලා ඩයිනාටැක් 8000x ( Motorola DynaTAC 8000x) වෙළඳපලට නිකුත් කරනු ලැබීය. එය ලෝක ඉතිහාසය තුල වෙලද පලට අතේ ගෙනයා හැකි දුරකථනයක් නිකුත් වූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාස ගත වේ
ජංගම දුරකතනයේ විකාශය...

දුරකථනය කල එලි බැසීමත් සමගම ටෙලිග්‍රාෆ් යන්ත්‍ර එකවරම අභාවයට පත් වූයේ නැත.නමුත් දුරකථනය ද පළමුව රාජ්‍ය ආයතනත් පසුකාලීනව ව්‍යාපාර ආයතනත් එකිනෙක සම්බන්ධ කිරීමට යොදාගන්නා ලදී.ඉක්මනින්ම ටෙලිග්‍රාෆ් කම්බි වලට අමතරව දුරකථන රුහැන් ද මෙම රුහැන් ජාලය හා එකට පැටලී ගියේය.මුල් කාලයේදී පරිගණක හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය එතරම් දියුණු නොවූ නිසා ඇමතුම් Manually 'අතින්' සම්බන්ධ කිරීමට සිදුවිය.මෙම ක්‍රමවේදය Switchboard ලෙස හදුන්වයි. Switchboard එකක් යනු සාමාන්‍යයෙන් කුඩා ගමක නිවෙස් 20ක් හෝ 30ක් තුල ඇති දුරකථන එකිනෙක සම්බන්ධ වන මධ්‍යස්ථානයක් වැනිය.මෙම ක්‍රමයේ අවාසිය වූයේ ඔබ වෙනත් රටකට ඇමතුමක් ලබා ගන්නා විට ඔබේ ප්‍රදේශයේ Switchboard ක්‍රියාකරු හා සම්බන්ධ වී,එතැනින් ඔබේ පලාතේ Switchboard මධ්‍යස්ථානයට සම්බන්ධ වී,එතැනින් ඔබේ රටේ Switchboard මධ්‍යස්ථානයට සම්බන්ධ වී යනාදී වශයෙන් මධ්‍යස්ථාන ගණනාවක් හරහා ඇමතුම සම්බන්ධ කිරීමට සිදුවීමයි.මෙහිදී සම්බන්ධ වීමට මිනිත්තු ගණනාවක්ද ගත්වීය. මාර්කෝනිගේ රේඩියෝව සැබැවින්ම අනභිබවනීය යන්ත්‍රයක් විය.මෙමගින් එක් තැනක සිට තවත් තැනකට අපහසුවකින් තොරව හා රැහැන් රහිතව පණිවිඩක් දීමට හැකිවිය. 

පසුකාලීනව දියුනු වූ සංඛ්‍යාත මූර්ජනය [FM] හා මුල් කාලින විස්තාර මූර්ජනය [AM]  මගින් නිසි සංඛ්‍යාතයක් ඔස්සේ පණිවිඩයක් දීමට හා ලබා ගැනීමට හැකි රේඩියෝ උපාංග නිපදවන ලද අතර මේවා තව තවත් වැඩි දියුණු කිරීමට මාර්කෝනි, මාර්කෝනි සමාගම නමින් රේඩියෝ උපාංග සමාගමක් ඇරඹුවේය. 1912 දී ටයිටැනික් නෞකාව ගිලීයාමත් සමග සංඛ්‍යාත කිහිපයකට එකවර සවන් දිය හැකි රේඩියෝ උපකරණ සියලුම නෞකා පාලක මධ්‍යස්ථාන හා වරාය වල තැබිය යුතු යැයි නීතියක් සම්පාදනය වීම , 1940 වන විට සංගීතය,ප්‍රවෘත්ති, ක්‍රීඩා හා බොහෝ වැඩසටහන් ලොව පුරා විකාෂය වන ගුවන් විදුලි තරංග ජාලයක් ලොව බිහි කිරීමට පාදකවූ ප්‍රධානම හේතුව ලෙස සැලකේ...

.......ජංගම දුරකථන ගැන කරුණු 10 ක්......
ස්මාට්ෆෝන් වල ඉල්ලුම දවසින් දවස වැඩිවන්නේ ඒවා අපගේ ජීවිතය පහසු කරවන බැවිනි. නමුත් මෙම උපකරණවල ඔබ දැනගත යුතු රසවත් කරුණු රාශියක් ඇත. පළමු දුරකථනය ඉතා බරයි, නමුත් සිත්ගන්නාසුලු තවත් කරුණු තිබේ. ජංගම දුරකථනයේ ඉතිහාසය කැපී පෙනෙන ජයග්‍රහණයන්ගෙන් පිරී ඇති අතර ඔබ ඒවා ගැන වැඩි විස්තර මෙතැනින් ඉගෙන ගනු ඇත. අපි බොහෝ විට ජංගම දුරකථන ගැන නොදන්නා විස්මිත කරුණු 10 ක් ගැන ටිකක් කතා කරන්නෙමු, එබැවින් මෙම පුදුමාකාර විෂය ගැන වැඩි විස්තර දැනගැනීමට කියවන්න.

01 පළමු ජංගම දුරකථන ඇමතුම 1973 දී කරන ලදී.....
මාටින් කූපර් 1973 අප්‍රියෙල් මාසයේදී බෙල් ලැබ්ස් හි අත්හදා බැලීමක් අතරතුරදී වෛද්‍ය ජොයෙල් එන්ගල්ට පළමු ජංගම දුරකථන ඇමතුම ලබා දුන්නේය. මෙම ඇමතුම Motorola Dyan TAC සමඟ සිදු කරන ලද අතර එය මෙතෙක් නිර්මාණය කරන ලද පළමු ජංගම දුරකථනයයි.

02. අයිබීඑම් පළමු ස්මාර්ට්ෆෝනය නිපදවීය....
International Business Machines (IBM) 1994 දී පළමු ස්මාර්ට් ජංගම දුරකථනය නිපදවීය. ඔබට පෙනෙන පරිදි ස්මාර්ට් ජංගම නිපදවා දුරකථනය වයස අවුරුදු 22 ක් පමණි, එබැවින් මෙම විස්මිත ගැජටයට අනාගතයක් තිබේ. දෙවන කේත නාමය Simon පුද්ගලික සන්නිවේදකයා විය, නමුත් ඇන්ජලර් ගැජටයේ පළමු කේත නාමය විය.

03. ජල ආරක්ෂිත ස්මාර්ට් ෆෝන්....
ජපානයේ ස්මාර්ට් ෆෝන් වලින් 90% ක්ම ජල ආරක්ෂිතයි. ඔව්, ඔබ එය නිවැරදිව අසා ඇත. මෙයට හේතුව එහි සිටින බොහෝ අය මෙම ගැජට් වලට බෙහෙවින් ඇලුම් කරන අතර එහි ප්‍රති පලයක් ලෙස ඔවුන් ස්නානය කිරීමේදී පවා ඒවා භාවිතා කිරීමයි. කොහොමද ඒක ? හොඳයි, සමහර අය යම් දෙයකට ආදරය කරන විට ඔවුන් කරන්නේ එයයි.

04. 2019 දී විකුණන ලද අයිෆෝන් මිලියන 728 ක්....
ඇපල් යනු ඉතිහාසයේ වඩාත්ම සාර්ථක තාක්ෂණික ආයතනයක් වන අතර අයිෆෝන් ඔවුන්ගේ වඩාත්ම සාර්ථක නිෂ්පාදන වලින් එකකි. ඇත්ත වශයෙන්ම, සමාගම 2019 දී iphone 728 ක් විකුණා ඇත. ඔබ සිතූ පරිදි, එය තත්පරයට 23වේ .

05. වඩාත්ම මිල අධික දුරකථනය වටිනාකම ඩොලර් මිලියන 48.5 කි....
ඇපල් සමාගම පෘථිවියේ විකිණීමට ඇති වඩාත්ම මිල අධික ස්මාර්ට් ජංගම දුරකථනය වන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 48.5 කි. මොනවා? ඔබ වහාම අසනු ඇත. එය විශාල මුදල් ප්‍රමාණයක් වන නමුත් සමහර අය මෙම කළු-දියමන්ති ආලේපිත අයිෆෝන් මිල දී ගැනීමට තරම් වාසනාවන්තයි.

06. Cells සහ ජංගම දුරකථන....
ජංගම දුරකථන වලට ඔවුන්ගේ නම ලැබුණේ ඉතා සරල කාරණයකින්. ටෙලිකොම් සමාගම් කුළුණු මගින් සේවය කරන ප්‍රදේශ “Cells” ලෙස බෙදීමට භාවිතා කළහ. එබැවින් “සෙලියුලර්” යන වචනය 1977 දී විලාසිතාවෙන් යුක්ත විය. “Cell Phone ” යන වචනය ප්‍රථම වරට ලේඛනගත කරන ලද්දේ 1984 දී ය.

07. පළමු ජංගම දුරකථනයේ බර රාත්තල් 2.4 කි......
ඉතිහාසයේ පළමු ජංගම දුරකථනයේ බර රාත්තල් 2.4 කි. එය හරි, මේ දිනවල එය කොහොම තියේද?. අපි ඔබට මෙහි කෙටි සංසන්දනයක් ලබා දෙමු. iphone – 6 රාත්තල් 0.24 කි. ඔබට පෙනෙන පරිදි, පළමු දුරකථනය ඔබට ටිකක් වැඩ කිරීමට උදව් වනු ඇත.

08. ඇන්ඩ්‍රොයිඩ් කිං...
ජංගම මෙහෙයුම් පද්ධති අතර, ඇන්ඩ්‍රොයිඩ් රජ වන්නේ 84.7% ක වෙළඳපල කොටසකි. ගූගල් සතුව ඇන්ඩ්‍රොයිඩ් ඇති බව ඔබ සිතන්නේ නම්, ඔබ වැරදියි, ඇන්ඩ්‍රොයිඩ් යනු විවෘත මූලාශ්‍ර ව්‍යාපෘතියක් බැවින් ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක මෙම මෙහෙයුම් පද්ධතිය වෙනස් කළ හැකිය.

09. නොමෝෆෝබියා.....
Nomophobia යනු ජංගම දුරකථන සංඥා නොමැති වීම හෝ ජංගම දුරකථන ඇමතුම් ලබා ගැනීමට නොහැකි වීම යන බියයි. කෙසේ වෙතත්, සමහර අය පවසන්නේ මෙය සාමාන්‍ය කාංසාවක් පමණක් බවත් “ෆෝනියා” යන වචනය තරමක් නොමඟ යවන සුළු බවත්ය.

10. පණිවිඩ ට්‍රිලියන ගණනක්....
2019 දී පමණක් ලෝකය පණිවිඩ ට්‍රිලියන 9 ක් යවා ඇති බව ඔබ දැන සිටියාද? ඒක ඇත්ත. මෙය සෑම වසරකම පෘථිවියේ පුද්ගලයෙකුට කෙටි පණිවිඩ 1,200 ක් වේ. මෙය පුදුම සහගතයි නේද? කෙසේ වෙතත්, මිනිසුන් iMessages, WhatsApp සහ තවත් බොහෝ ජංගම යෙදුම් වෙත පණිවුඩ යැවීම සින්ච් බවට පත් කරන විට මෙම සංඛ්‍යාව අඩු වෙමින් පවතී.
ඔබට පෙනෙන පරිදි, දුරකථනවලට දිගු ඉතිහාසයක් ඇත. කෙසේ වෙතත්, මෙම ඉතිහාසය විස්මිත කරුණු වලින් පිරී ඇත. ජංගම මෙහෙයුම් පද්ධති අතර ඇන්ඩ්‍රොයිඩ් රජ වුවද, iOS ඉතා බලවත්ය. අයිබීඑම් විශාල සමාගමක් වන නමුත් ඔවුන් අද ස්මාර්ට්ෆෝන් ව්‍යාපාරයේ ඇපල් හෝ සෝනි සමඟ තරඟ කරන්නේ නැත, එය ඔබ ද මතක තබා ගත යුතු තවත් අමුතු කරුණකි. ස්මාර්ට් ෆෝන් විකිණීමේදී ඇපල් සහ සැම්සුන් රජවරුන් වන නමුත් වෙනත් සමාගම් මෙම බලවත් සමාගම්වලින් වෙළඳපල කොටස සොරකම් කිරීමට දැඩි උත්සාහයක් දරති. ජපන් ජාතිකයින් ජල ආරක්ෂිත ස්මාර්ට්ෆෝන් වලට ආදරය කරන බව මතක තබා ගන්න, ඔබ ඉක්මනින් මෙම ආසියානු රටට සංචාරයක් කිරීමට යන්නේ නම් මෙය මතකයේ තබා ගන්න. මේ දිනවල බිලියන සංඛ්‍යාත ජනයා සතුව ජංගම දුරකථන ඇති අතර එය පුදුම සහගතය. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින සමාගම් වැඩි පිරිසක් ස්මාර්ට් ෆෝන් මිලදී ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන අතර එමඟින් ඔබටත් මටත් පාරට බැසීමට ලෝකය වඩා හොඳ ස්ථානයක් වනු ඇත.

........ජංගම දූරකථනය එදා සහ අද.....
ජංගම දූරකථනය අද වනවිට ලොව පුරා ජනපි‍්‍රය මාධ්‍යයක් බවට පත් වී ඇත.අද නවීනතාක්‍ෂණය ද ඊටමුසු කරමින් පුද්ගල කාර්යයන් රැසක් ඉටු කර ගැනීමේ හැකියාව මෙම ජංගම දූරකථනය වටා ඒකරාශී කර තිබේ.මෙම තාක්‍ෂණයේ බලමහිමයෙන් වැඩි දියුණු වන්නා වූ ජංගම දූරකථනයේ ප‍්‍රභවය කෙසේ සිදුවීද යන්න සොයා බැලිය යුතුය.එවිට එහි තාක්‍ෂණික විපරිණාමය හොදින්ම පැහැදිලි කරගත හැකිය.

ප‍්‍රථමයෙන්ම ජංගම දූරකථනය බිහිවන්නේ 1960 ගනන් වලදීය.එය ජංගම රේඩියෝව (Mobile  Radio) ලෙසින් හදූන්වනු ලැබීය.ප‍්‍රථම ජංගම රේඩියෝවේ ආරම්භය 1920 දී සිදූවේ.මෙය ද්විමාධ්‍යගතය.එනම් ඇසීම සහ පණිවුඩය යැවීම යන කාර්යයන් දෙකට පමණක් භාවිත විය.මෙය ජංගම දූරකථනයේ මූලාරම්භය සනිටුහන් කළද එහි තාක්‍ෂණික පසුබිම නිසාවෙන් ජංගම ගමනාගමනයට පහසු නොවීය.එනම් මෙම ජංගම රේඩියෝවට බලය සපයන ලද බැටරි ප‍්‍රමාණයෙන් විශාල වීමය.මෙයට බලය ලබා දෙන ලද්දේ   (Car Battery) වාහන බැටරියක් මගිනි.

ජංගම දූරකථන තාක්‍ෂණයේ මහත් පෙරළියක් සිදුවන්නේ (Transister) ට‍්‍රාන්සිස්ටරය සොයා ගැනීම සමගය.මෙතැන් පටන් ජංගම දූරකථනය අතේ ගෙන යා හැකි මට්ටමට බිහිවන්නට පටන් ගති.

මේ ආකාරයට ජංගම දුරකථනයේ ඉතිහාසය ප‍්‍රධාන යුග 4 ක් ඔස්සේ හදූනා ගත හැකිය.
1.   1G - Frist Genaration (1973-1980)
2.   2G - Second Genaration (1980-2000)
3.   3G - Third Genaration (2000-2010)
4.   4G - Fourth Genaration (2010සිට අදවනතෙක්)

1.   1G - Frist Genaration (1973-1980)
ජංගම දූරකථනය කෙටි කාලයක් ඇතුළත ලෝකයේ වැඩි ව්‍යාප්තියක් සිදූවූ මාධ්‍යයකි. අන්මාධ්‍යයන් සියල්ල පරයමින් ජංගම දූරකථනය ලොවපුරා ව්‍යාප්ත වීම සිදූවි. එමෙන්ම තාක්‍ෂණය දියුණු වීම සමග එයට විවිධ අංගෝපාංගයන් රැසක් එකතු විය.

1973 වර්ෂයේ දී ඇමරිකාවේ Mortin Cooper විසින් ප‍්‍රථම වරට ජංගම දූරකථනය සකස් කරනලදි. මෙය Analogue තාක්‍ෂණය මත ක‍්‍රියාත්මක වුණි.එනම් තොරාගත් ප‍්‍රදේශ වල ප‍්‍රධාන විකාශන මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවා ජංගම දූරකථනය භාවිතයට සැලැස්වීය. 1977 වන විට ඇමරිකාව පුරාම මෙම මධ්‍යස්ථාන පිහිටුවා ජංගම දූරකථන භාවිතය වැඩි දියුණු කරවීය. පසුව ජ’මනිය, ප‍්‍රංශය යනාදි වශයෙන් යුරෝපා රටවල ද මෙම ජංගම දූරකථනය භාවිත කිරීම සිදුකරන ලදි.

2 . 2G - Second Genaration (1980-2000) 
Analogue තාක්‍ෂණයෙන් මිදී Digital තාක්‍ෂණයට මාරුවීම මෙම පරම්පරාවේ විශේෂම ලක්‍ෂණය විය.

ජංගම දූරකථනයට මෘදූ සංවාදය සහ තවත් දේ එකතු වීම මෙහිදී සිදූවේ. SMS  නැතහොත් කෙටි පණිවුඩ යැවිය හැකි වීම මෙම යුගයේ දැකිය හැකි තවත් ලක්‍ෂණයකි.එමෙන්ම ජංගම දූරකථනයේ පුළුල් ව්‍යාප්තියක් අත්පත් කරගනු ලැබූයේද මෙම තාක්‍ෂණික පරම්පරාවේදී බව කිව යුතුය.

3.   3G - Third Genaration (2000-2010)
මෙය 3G Phones නමින් ලොව පුරා ව්‍යාප්ත විය. මෙහිදී ඇතිවන ප‍්‍රධානම තාක්‍ෂණික වෙනස නම් Fiber Optic Cables  දූරකථන සන්නිවේදන ක‍්‍රමය ආරම්භ වීමයි.

මෙහිදී අන්තර්ජාල ප‍්‍රවේශය වඩා වේගවත් වීමත් පෙර තිබූ SMS ක‍්‍රමය වෙනුවට MMS යැවිය හැකිවීමත් මෙහිදී දැකගත හැකි සුවිශේෂි ලක්‍ෂණයකි. එපමණක් නොව ජංගම දූරකථනයේ යතුරු පුවරුව පරිගණකයේ යතුරු පුවරුව හා සමාන ‘QWERTY’ ක‍්‍රමයට සකස්වීම සිදූවිය. මෙය ප‍්‍රථම වරට BlackBerry  Phone මගින් වෙළද පොළට හදූන්වා දූණි.

මෙම යතුරු පුවරු ක‍්‍රමයට එක්වූ අලූත් තාක්‍ෂණය නම්, Touch Screen හෙවත් ස්පර්ශයෙන් ක‍්‍රියා කළ හැකි තිරයක් සහිත දූරකථන බිහි වීමයි. මෙය අද වන විට  Sensor Phone ඇහි පිල්ලමකට කට හඩට පවා අවනත කරගත හැකි ඉතා සංවේදී ජංගම දූකථන තිර බිහි වීම දක්වා වර්ධනය වී ඇත.

4.  4G - Fourth Genaration (2010සිට අදවනතෙක්)
මෙහිදී හදූනාගත හැකි විශේෂම ලක්‍ෂණය වනුයේ අන්තර්ජාල ප‍්‍රවේගවත් වීමයි. ක්‍ෂණයකින් අන්තර්ජාලයට පිවිසිය හැකිවනවා මෙන්ම වී Upload මේ වේගයද ඉතා ඉහළින් පවතී. ලොව ප‍්‍රථම 4G ජංගම දූරකථනය සපයන්නේ Sprint  සහ සමා Apple සමාගමෙනි 4G සමග 4G LTE තාක්‍ෂණය පැමිණේ. මෙහිදී Wireless Router එකක් භාවිතයෙන් අන්තර්ජාල ප‍්‍රවේශය ලබාගත හැකිය.

NANO තාක්‍ෂණය භාවිත කරමින් නිපදවා ඇති ජංගම දූරකථන ද විවිධ සමාගම් විසින් නිපදවා ඇත. ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වූ මේ ජංගම දූරකථනය වෙළද පොළේ ඉතාමත් තරගකාරි අලෙවියක් අත්පත් කරගන්නා මෙවලමක් බවට පත්ව තිබේ. එමෙන්ම දිනෙන් දින ජංගම දූරකථනයට නව තාක්‍ෂණය එකතු වීම දැකිය හැකිය. අද මේ ප‍්‍රමාණයෙන් ජංගම දූරකථනය පිළිබදව කථා කළද හෙට දවසේ එහි තාක්‍ෂණය මේ සියල්ල පරයමින් නැගී සිටින්නට පිළිවන. අද පරිගණකයෙන් සිදූවන සියලූ දේ සිදූ කිරිමට මෙම ජංගම දූරකථනය භාවිත කෙරෙයි. පරිගණක ලොවේ Dextop පරිගණක මෙන්ම Laptop පරිගණක පවා පසෙකට කරමින් Tablet  පරිගණක ලොව පුරා ජනප‍්‍රිය විය. මේ අතරට Tablet පරිගණකද පසෙකට කරමින්   SmartPhone අප අතට පත්වී තිබේ. මේ සමග ඒකාබද්ධ  වෙමින් නූතනයේ පැමිණි අනෙක් තාක්‍ෂණික මෙවලම  Smart Watch හෙවත් බුහුටි ඔරලෝසුවයි. 2013 දී විවිධ සමාගම් 40 ක් මගින් මෙම Smart Watch වෙළද පොළට ඉදිරිපත් කරනු ලැබිය.

මේ අයුරින් ජංගම දූරකථන තාක්‍ෂණයේ පියවර ඉදිරියට ගමන් ගන්නා ආකාරය පෙන්වා දිය හැකිය. නමුදූ මින් ඇතිවන යහපත් සහ අයහපත් ප‍්‍රතිඵල බොහෝමයකි. බොහෝ අයහපත් ප‍්‍රතිඵල සදහා විසදූම් මේ තාක්‍ෂණය මගින්ම සොයාගනු ලැබූවද මේ හැම තාක්‍ෂණික මෙවලමක්ම මානවයාගේ පැවැත්මට සාකල්‍යයෙන්ම හිතකර වන්නේ යැයි කිව නොහැකිය. එසේ සාකල්‍යයෙන්ම හිතකර  වන්නා වූ තාක්‍ෂණික මෙවලමක් ගොඩ නැංවීම අපහසු වුවත් මතුයම් දිනෙක ඒ සදහා ඉඩකඩ විවරවිය යුතුය. ජංගම දූරකථනය ආරම්භය සිදූ වූ කාල වකවානූව සැලකීමේ දී අද වන විට අත්පත් කරගෙන ඇති තත්වය අතිමහත්ය.

දැනට ලෝකයේ ජනප‍්‍රිය ජංගම දූරකථන බොහෝ ප‍්‍රමාණයක් ඇතග විවිධ සමාගම් විසින් පුද්ගල කැමැත්තට අනුව ජංගම දූරකථන රැසක් නිර්මාණය කර ඇත. ඉන් ශ්‍රී ලංකාවේ හා ලෝකයේ භාවිත වන්නා වූ දූරකථන වර්ග මෙලෙස පෙන්වාදිය හැකිය.

1.  HTC                                         
2.  BlackBerry
3.  Apple
4.  LG
5.  Motorola
6.  Nokia
7.  Samsung
8.  Sony Ericsson
9.  Sony
10.  Dell Phones
11.  Asus phones
12.  ZTE phones
13.  Acer Phones
14.  Limited Edition
15.  Alcatel
16.  Huawei
17.  Lenovo
18.  Moto G
19.  iPhone 5S
20.  iPhone 5C
21.  iPhone 6
22.  HTC One (M8)
23.  Nexus 5
24.  HTC One
25.  LG G3
26.  Samsung Galaxy S5
27.  Samsung Galaxy S4
28.  Sony Xperia Z1 Compact
29.  Samsung Galaxy Note 3
30.  Samsung Galaxy Note 4
31.  Nokia Lumia 520
32.  Android 4.4
33.  Android L
34.  Best phone deals of the week
35.  Galaxy S5 deals
36.  HTC One (M8) deals
37.  Xperia Z2 deals
38.  Galaxy S4 deals
39.  Galaxy S4 Mini deals
40.  Nokia Lumia 530 deals
41.  Galaxy Alpha deals
42.  iPhone 5S (16GB) deals
43.  HTC One deals
44.  Nexus 5 deals
45.  Galaxy Note 3 deals
46.  Moto G deals
47.  Xperia Z1 Compact deals
48.  Xperia Z1 deals
49.  Mobile phone reviews
50.  Best phones (UK)
51.  iPhone 5S vs iPhone 5C

මේ සියල්ලම මිනිස් මොලයේ පවත්නාවූ බුද්ධිමය දක්‍ෂතාව මත බිහි වූ ඒවාය. එසේනම් මෙකී සියලූ තාක්‍ෂණික තත්ත්වයන් මානවයාගේ හිතකර භාවයට හේතු විය යුතුය. අනාගතයේ දී බිහි වන්නා වූ තාක්‍ෂණය හමුවේ නිපදවෙන ජංගම දූරකථනය හෝ එම තත්ත්වය අත්පත් කර ගන්නේ නම් එයමානවයාගේ තාක්‍ෂණික නැගීමේ සාර්ථකම පියවර වශයෙන් හැදින්විය හැකිය..

.....අපේ රටේ ජංගම දුරකථන සේවා සම්පාදකයන් මෙතෙක් පැමිණි මඟ.....

ශ්‍රී ලංකාව කියන්නේ නිල වශයෙන්ම දකුණු ආසියාවේ සන්නිවේදන සේවා දියුණුව අතින් ඉහළින්ම සිටින රටයි. දශක ගණනාවක් තිස්සෙම සන්නිවේදන තාක්ෂණය අතින් කලාපයේ ඉදිරියෙන්ම සිටින අපේ රට තවත් කාලාන්තරයක් පුරාවට ඒ තත්ත්වය රැක ගෙන සිටින බව සිතන්න පුළුවන්. මෑත කාලයේ අතිශයින්ම දියුණු වූ ක්ෂේත්‍රය විදිහට හඳුන්වන්න පුළුවන් ජංගම දුරකථන සහ සන්නිවේදන ජාලාවල වේගය අතිනුත්, ව්‍යාප්තිය අතිනුත් දකුණු ආසියාවේ අනෙක් රටවල් සියල්ලම සිටින්නේ ශ්‍රී ලංකාවට බොහෝ පිටුපසින්.

විශේෂයෙන්ම ජංගම දුරකථන ජාල දියුණුව කරා යන ගමනේ සියලුම සන්ධිස්ථානවලට අනෙක් කලාපීය රටවලට බොහෝ කාලයකට පෙර ළඟා වෙන්න ශ්‍රී ලංකාව සමත් වුණා. 2G, 3G, 4G වගේ තාක්ෂණයන් භාවිතයට පැමිණි කාලය සලකන විට මෙය පැහැදිලිවම දැකගන්න ලැබෙනවා. මේ වන විටත් ශ්‍රී ලංකාවේ 5G ජාලයන් පවා ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේ.

ඉතින් අපි මේ තත්ත්වයට ආවේ කොහොමද? අපේ රටේ ජංගම දුරකථන සේවා සපයන සමාගම් ආරම්භයේ සිට මේ දක්වා ආවේ කොහොමද? ඒ ඉතිහාස කතාව විග්‍රහ කරලා බලන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබ නොදන්නා අපූරු කරුණු බොහොමයක් මේ තුළ අඩංගු වන බවට සැකයක් නැහැ.

බොහෝ වාර ගණනක් නම වෙනස් වූ ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය - Celltel (අද වන විට Etisalat)

ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය බිහි වෙලා මේ වන විට අවුරුදු 29ක් ගත වෙලා. 1989 අවුරුද්දේ ජූනි 18 වැනි දා ශ්‍රී ලංකාවේ මුල්ම ජංගම දුරකථන ජාලය විදිහටත්, මුළු ලෝකයේම 36 වැනි ජංගම දුරකථන ජාලය විදිහටත් Celltel Sri Lanka ආයතනය මෙහෙයුම් ආරම්භ කළා.

Motorola ආයතනයේ TACS තාක්ෂණය ඔස්සේ සේවා ලබා දුන්නු Celltel ආයතනයට හිමි වෙලා තිබුණු ඒකාධිකාරය මොන තරම් ද කියනවා නම්, බොහෝ දෙනෙක් ජංගම දුරකථන හඳුන්වන්නත් “සෙල් ටෙල් එකක්” කියන නම පාවිච්චි කරා. 1998 අවුරුද්දේ Dialog ආයතනය GSM තාක්ෂණයෙන් පෙරමුණ ගන්නාතුරුම රටේ ප්‍රධානම ජංගම දුරකථන සේවා සපයන්නා බවට පත් වෙලා සිටියේ Celltel.

කොහොම වුණත් පසුකාලීනව අනිත් සමාගම්වල නැඟී සිටීමත් එක්ක ඔවුන්ගේ වෙළඳපොළ බිඳ වැටෙන්න ගත්තා. 2007 අවුරුද්දේදී ඇමරිකාවේ මිලිකොම් ඉන්ටර්නැෂනල් ආයතනය Celltel මිල දී ගෙන Tigo විදිහට නම් කළා. බොහෝ දුරට තාරුණ්‍යය ඉලක්ක කරගෙන ප්‍රචාරණයන් දියත් කළ ඔවුන් පැමිණෙන ඇමතුම්වලට මුදල් අය නොකිරීම, තත්පරයට අය කිරීම වගේ අලුත් දේවල් හඳුන්වාදුන්නා.

ඉන් පසුව මේ සමාගම 2010 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etisalat ආයතනයේ භාරකාරත්වයට පත් වුණා. අද වන විට Hutch සමාගම විසින් තමයි මෙහි පාලනය ගෙනයන්නේ

අඩු මිලට අත්‍යාවශ්‍ය සන්නිවේදන සේවා සපයන ශ්‍රී ලංකාවේ දෙවන ජංගම දුරකථන ජාලය - CallLink (අද වන විට Hutch).......

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ශ්‍රී ලංකාවේ දෙවැනි ජංගම දුරකථන ජාලය වුණේ අද අපි කවුරුත් දන්නා Hutch ජාලය යි. 1991 වර්ෂයේ දී මෙරට දෙවන ජංගම දුරකථන සේවා සමාගම විදිහට ඔවුන් මෙහෙයුම් ආරම්භ කළා. මුලින්ම මෙහි නම වුණේ CallLink යන්න යි. කොහොම නමුත් CellTel වලට ඔවුන් විශාල අභියෝගයක් වුණේ නැහැ.

පසුව 1998 දී CK Hutchison Holdings ආයතනය CallLink සේවාව මිලට ගෙන එය Hutch ලෙස නම් කරනු ලැබුවා. ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වූ සේවාවක් දියත් කරමින් සිටි CallLink ක්‍රමය වෙනුවට දිවයින පුරාම සිය මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කරන්න Hutchison ආයතනය කටයුතු කිරීමත් එක්ක Hutch ජාලය වර්ධනය වෙන්න පටන් ගත්තා.

දැන් ඔවුන් රට පුරා ව්‍යාප්ත 4G ජාලයක් හඳුන්වා දී ඇතත්, සාපේක්ෂව අඩු මිලකට අන්තර්ජාල පැකේජ, H2H ඇමතුම්, සහ SMS පැකේජ ආදිය ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ වන විට රටේ බොහෝ ප්‍රදේශ ආවරණය කරන්නත් ඔවුන් සමත් වෙලා.

ආරම්භයේ සිට නම වෙනස් නොවූ, රාජ්‍ය හිමිකාරීත්වයක් ඇති මෙරට තුන් වන ජංගම දුරකථන ජාලය - Mobitel...

ශ්‍රී ලංකාවේ තුන් වැනි ජංගම දුරකථන ජාලය විදිහට Mobitel ආයතනය 1993 දී මෙහෙයුම් ඇරඹුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ සන්නිවේදන දැවැන්තයා වූ Telstra ආයතනයේ එකමුතුවෙන්. මුලින් සම අයිතිය සහිත සමාගමක් ලෙස පැවතුණු Mobitel ආයතනය ආරම්භයේ සිටම තම නාමය වෙනස් නොකළ පැරණිතම ජංගම දුරකථන ජාලයද වෙනවා.

කොහොම නමුත් Mobitel ආයතනය විශාල දියුණුවක් ලබන්නට සමත් වුණේ, 2002 වර්ෂයේ දී එය SLT වෙත පූර්ණ වශයෙන් පවරා ගැනීමත් එක්කයි. 2004 දී සිය 2.5 G ජාලය හඳුන්වා දීමත් එක්කම ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනාගෙන් කෙනෙක් බවට පත් වන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව මෑත කාලීනව ලැබූ සන්නිවේදන ක්ෂේත්‍රයේ අසීමිත දියුණුවට ප්‍රධානතම හේතුවක් විදිහට Mobitel හා Dialog අතර කාලයක සිට පවතින කරට කර තරගකාරීත්වය සලකන්න පුළුවන්. 3G, 3.5G, 4G, 4.5G වැනි තාක්ෂණයන් වෙළඳපොළට ප්‍රවේශය ඉක්මන් කරන්නත්, ශ්‍රී ලංකාව පුරා මේ අලුත් තාක්ෂණයන් ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වැඩි වෙන්නත් මේ තරගය පැහැදිලිවම හේතු වුණා.

Mobitel මේ වන විට බොහොම පුළුල් සේවා ප්‍රමාණයක් ලබා දෙනවා. රාජ්‍ය අනුග්‍රහය සහිත උපහාර පැකේජය, mCash, SLT අනුබද්ධව පිරිනමන Peo TV ආදිය ඉන් ප්‍රධාන යි.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන දැවැන්තයා වූ මෙරට හතර වන ජංගම දුරකථන ජාලය - MTN Networks (අද වන විට Dialog)....

1993 දී ශ්‍රී ලංකාවේ හතර වැනි ජංගම දුරකථන ජාලය ආරම්භ වුණේ MTN Networks නමින්. මැලේසියාවේ Telekom Malaysia Berhad (TM) සහ කැපිටල් මහරාජා ආයතනයේ පිළිවෙලින් 90% සහ 10% කොටස් හිමිකාරීත්වයකින් යුතුව ආරම්භ වුණු මෙය ඉතාම කෙටි කලක් තුළ මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ සැබෑ සන්ධිස්ථානයක් සටහන් කළා. ඒ 1995 වර්ෂයේදී මුළු දකුණු ආසියාවෙන්ම මුල් වරට ඩිජිටල් ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දීමයි. නවතම GSM ඩිජිටල් ජාලයක් ආරම්භ කිරීමත් සමගම ඔවුන් Dialog GSM ලෙස නව සන්නාමයක් හඳුන්වා දුන් අතර අද සිටින සන්නිවේදන දැවැන්තයා දක්වා පැමිණි ගමන ආරම්භ වුණේ ඒ විදිහටයි.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ සැබෑම වෙනසක් සිදු කළ බොහෝ තාක්ෂණයන් මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා යි. මේ වන විට මිලියන 12 කට අධික සේවාදායකයන් පිරිසකගෙන් සමන්විත Dialog ආයතනයට කාලයක් තිස්සේ සිදු කර ඇති ඩොලර් බිලියන 1.96 කට අධික ආයෝජනය ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම තනි ඍජු විදේශ ආයෝජනය ලෙස සැළකෙනවා. ශ්‍රී ලංකාවේ පුළුල්ම සේවා ව්‍යාප්තියක් සහිත සන්නිවේදන සහකරු වන Dialog ආයතනය වනාන්තර ප්‍රදේශ හැර මුළු ශ්‍රී ලංකාව පුරාමත්, ශ්‍රී ලංකාව වටා සයුරේ කිලෝමීටර් කිහිපයක් ඈතටත් අවම වශයෙන් 2.5G සම්බන්ධතාව හෝ පැවතීම තහවුරු කර තිබෙනවා.

Dialog ආයතනය ජංගම දුරකථන, ස්ථාවර දුරකථන, චන්ද්‍රිකා රූපවාහිනී, අන්තර්ජාල සම්බන්ධතා, ඉලෙක්ට්‍රොනික් වාණිජය ඇතුළු සන්නිවේදන ක්ෂේත්‍රයේ සියලුම අංශවල සුවිසල් ආධිපත්‍යයක් හිමි කරගෙන සිටිනවා. eZ Cash, Dialog 4G Home Broadband, Dialog CDMA, Dialog TV ඇතුළු නවමු තාක්ෂණයන් බොහොමයක් හඳුන්වා දුන් Dialog මේ වන විට ශ්‍රී ලංකාවට 5G තාක්ෂණය හඳුන්වා දීමේත් පෙරමුණ ගෙන සිටිනවා.

21 වැනි සියවසේදී ශාරුක් ඛාන් සමග ශ්‍රී ලංකාවට පැමිණි මෙරට පස් වන ජංගම දුරකථන ජාලය - Airtel.....

අනෙක් ජංගම දුරකථන ජාල හතරම 1993 වන විටත් මෙරට යම් ආකාරයකින් හෝ ස්ථාපිත වී තිබී ටිකෙන් ටික ව්‍යාප්ත වූ ඒවා නමුත් 2009 දී ශ්‍රී ලංකාවට අලුත්ම ජංගම දුරකථන ජාලයක් එකතු වුණා. ඒ ඉන්දියාවේ විශාලතම සන්නිවේදන සමාගම වන Bharti Airtel සමාගමේ සන්නාමයෙන් මෙරටට ආපු Airtel.

ඒ වන විට ශ්‍රී ලංකාවේ පැවතුණේ ඉතාම වේගයෙන් දුරකථන ඇමතුම් සහ SMS සඳහා ගාස්තු අඩු කිරීමේ විශාල තරගයක්. දවසේ කාල වේලාවන් අනුව අය කිරීම් වෙනස් වන සංකීර්ණ ඇමතුම් ක්‍රම විශාල ප්‍රමාණයක් ඒ වන මෙරට තිබුණු අතර එයට සරල විසඳුමක් විදිහට දවස පුරාම ඇමතුම්වලට රුපියල් දෙකක් අය කරමින් ඔවුන් විශාල ආකර්ෂණයක් දිනා ගත්තා. මීට අමතරව Airtel ජාලය ජනප්‍රිය නළු ශාරුක් ඛාන්, ඒ වන විට දක්ෂතාවේ ඉහළින්ම සිටි කුමාර් සංගක්කාර වැනි තරු තම ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමත් ඔවුන්ගේ මුල් කාලීන ජනප්‍රියත්වයට හේතු වුණා.

ශ්‍රී ලංකාවට පැමිණෙන කාලයේ බොහෝ දෙනෙකුගේ අදහස වුණේ Airtel සම්බන්ධතාවේ ඇමතුම් සහ SMS ඉතාම ලාභදායී වීම නිසා ඉතාම කෙටි කලකින් මෙරට ප්‍රධානම සන්නිවේදන සේවා සපයන්නා බවට පත් වේවි කියලයි. කොහොම නමුත් සන්නිවේදන තාක්ෂණයේ ඇති වුණු ශීඝ්‍ර දියුණුවත් එක්ක එයින් වැඩි ප්‍රතිලාභ ලබන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. නමුත් මේ වන විට Local caching වැනි ක්‍රම භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වේගවත්ම 3.5G හා 3.75G ජාලය බවට පත් වෙන්න ඔවුන්ට හැකියාව ලැබිලා තිබෙනවා.

අපේ රටේ සන්නිවේදන සේවා ව්‍යාප්තියට සම්බන්ධ තවත් බොහෝ කරුණු වගේම ඔබේ මතකයේ රැඳුණු දේවල් ඕන තරම් ඇති. අපි හැමෝම වෙනුවෙන් ඒවා Comment එකකින් බෙදා ගන්න කියලත් අපි සුහද ඇරයුමක් කරනවා....

................අන්තර්ජාලය ඇසුරෙනි.........දැනුම සොයන්න මේ පාරෙන් එන්න
අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) - Your Choice Way
මාර්කෝනි සිය රේඩියෝවත් සමග....
බොහෝ කලකට පෙර මුල්ම ජංගම දුරකථන "කාර් දුරකථන" ලෙස සැලකේ. මක් නිසාද යත් එම ජංගම දුරකථන පදධතියේ විශාලත්වය අතේ හෝ පසුම්බියක රදාවා තබා ගැනීමට හැකි මට්ටමට වඩා වැඩි වූ බැවිනි..
1922 දී චිකාගෝ පොලිස් නිලධාරීන් ජංගම කාර් රේඩියෝ පද්ධතියක් ආදාරයෙන් පනිවිඩ හුවමාරු කරගෙන ඇත.

අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) - Your Choice Way
පසුකාලීනව මදක් දියුනු කල ටෙලිග්‍රාප් යන්ත්‍රයක්....

අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) - Your Choice Way

අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) - Your Choice Way

අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) - Your Choice Way

අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) - Your Choice Way

අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) අද අප කාටත් නැතුවම බැරි ජංගම දුරකථනයේ ඉතිහාස කතාව (Mobile Phones) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 21, 2021 Rating: 5

0 comments:

Post a Comment