Me Mawathe Song Lyrics - මේ මාවතේ ගීතයේ පද පෙළ

Me Mawathe Song Lyrics - මේ මාවතේ ගීතයේ පද පෙළ
Song Title : Me Mawathe (මේ මාවතේ)
Vocals : Asel Pandigama
Lyrics : Isuranga Iniyage 
Melody, Music, Mixing & Mastering : Stereomiinds


හිරු අවරට යන යාමේ මේ දිහා
මං මාවත් පුරා
සයිකල් සීනු හැඬවුනා

නෑ සෝ තැවුල් අප සිත් වල සිනහා ඉතිරුණා
මුදු වෙරලේ පා නගා
සෙල්ලම් කරමින් කල් ගෙවා

සියොතුන් විසිරී ආකාසේ දුර ඈත සිතිජයට පියඹුවා
එක රෑනේ යලි පියඹන්නේ කවදාදෝ මා සිත විමසුවා

මේ මාවතේ අප බාලේ මතකේ ලියවුණා
මිතුරන් ලෙසින් එක්වී සොයුරන් සේ අපි වෙන්වුණා
සිනාවන් ගෙනා ඒ මතකේ සැමදා රැව්දෙනා
අතීතෙන් හමා එන සුළඟේ පාවී යාවී මා

අත් වැල් පැටලී මා ඈ හා
ආලේ මට හමුවුණා
ගත වූ මොහොතක් පාසා මා ජීවේ සුව වින්දා
දෑසේ කඳුලැල් නෑ නේ මා
මතකේ මිහිරියි එදා
හමනා සුළඟේ ඈ සුවඳත් ඒ හමා

ඒ මතකේ මා හද රන්දා ඈ සුරලොව ඉමවෙත පියඹුවා
ඈ නිදනා නුග ගස් හෙවණේ කැමෙලියා මල් සුවඳ නැහැවුණා

මේ මාවතේ අප බාලේ මතකේ ලියවුණා
මිතුරන් ලෙසින් එක්වී සොයුරන් සේ අපි වෙන්වුණා
සිනාවන් ගෙනා ඒ මතකේ සැමදා රැව්දෙනා
අතීතෙන් හමා එන සුළඟේ පාවී යාවී මා

අතීතෙන් හමා එන සුළඟේ පාවී යාවී මා

අතීතෙන් හමා එන සුළඟේ පාවී යාවී මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Mawathe Song Lyrics - මේ මාවතේ ගීතයේ පද පෙළ Me Mawathe Song Lyrics - මේ මාවතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment