Me Bus Newathuma Song Lyrics - මේ බස් නැවතුම ගීතයේ පද පෙළ

Me Bus Newathuma Song Lyrics - මේ බස් නැවතුම ගීතයේ පද පෙළ
Song Title : Me Bus Newathuma (මේ බස් නැවතුම)
ගායනය : පුන්සිරි සොයිසා
තනුව : අශෝක් පීරිස්
පද : චන්ද්‍රදාස ප්‍රනාන්දු


මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ //

ඉස්සර හවසට ඔබ එනතුරු මම
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

ප්‍රේමය නිමවුන මා අද තනිවම
රියකට මෙතනින් ගොඩවෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනේ ඉඳගෙන යනවා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Bus Newathuma Song Lyrics - මේ බස් නැවතුම ගීතයේ පද පෙළ Me Bus Newathuma Song Lyrics - මේ බස් නැවතුම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment