Madhura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ

Madhura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ
Song Title : Madhura Wasanthe (මධුර වසන්තේ)
ගායනය : අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව
තනුව : අතුල අධිකාරී
පද : අජන්තා රණසිංහ


මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා

දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
උයන සරාලා
මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
මුව කොඳුරාලා
මොනවාදෝ උන් මුමුණන්නේ

මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා

කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
දිලි දිලි දිලිහේ
මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
සුන්දර උදයේ
සැරසරමු අපි පෙම් නගරේ

මධුර වසන්තේ මල් ලියකම් බබලා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
කුමරියනේ වසන්ත සමයේ
මලින් මලේ ලලිත ලතා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
කුමරුවනේ මා ඒ වසන්තයයි
වසත් සමේ ඔබෙ ළඟමයි
මධුර වසන්තේ මල් ලියකම් බබලා

මධුර වසන්තේ මල් ලියකම් බබලා
මධුර වසන්තේ මල් ලියකම් පිපෙනා
සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madhura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ Madhura Wasanthe Song Lyrics - මධුර වසන්තේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2021 Rating: 5

0 comments:

Post a Comment