Ma Daasa Na Nidi Song Lyrics - මා දෑස නෑ නිදී ගීතයේ පද පෙළ

Ma Daasa Na Nidi Song Lyrics - මා දෑස නෑ නිදී ගීතයේ පද පෙළ
Song Title : Ma Daasa Na Nidi (මා දෑස නෑ නිදී)
Main Artist : Dinesh Tharanga
Melody : Chathuranga De Silva
Mixing, Mastering : Christo Peiris at RareHouse
Lyrics : Sampath Fernandopulle


මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී
මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී

ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කඳුලක් වැටී
මා දෑස නෑ නිදී
මා දෑස නෑ නිදී

මතකයිද ඒ දිනේ දිව්රා පුජාසනේ
ඔබ කීවා ඔබෙ ආදරේ
දෑගිලි ද පැටලුනේ සීතලට ලං වුනේ
මුළු රෑම නිදි නැති වුනේ

ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී

මනමාල යයි කියා ඔච්චම් කලා ඔයා
මා නම් නෑ ඔබ රැවටුවේ
අරුමෝසම් වැහි නිසා
ඔබේ සුවඳ දිය වුනා
හද කෑ ගසා වැලපුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී
මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී

ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී
මා දෑස නෑ නිදී
මා දෑස නෑ නිදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Daasa Na Nidi Song Lyrics - මා දෑස නෑ නිදී ගීතයේ පද පෙළ Ma Daasa Na Nidi Song Lyrics - මා දෑස නෑ නිදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment