Lokaya Peraleyi Kale Gewi Yayi Song Lyrics - ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි ගීතයේ පද පෙළ

Lokaya Peraleyi Kale Gewi Yayi Song Lyrics - ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි ගීතයේ පද පෙළ
Song Title : Lokaya Peraleyi Kale Gewi Yayi (ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි)
ගායනය : ඒ.එම්. රාජා
පද : කේ. හියුගෝ ප්‍රනාන්දු 
තනුව : ස්වතන්ත්‍ර ද අනුකරණයක් ද තහවුරු කර ගත නොහේ.
සංගීතය : ආර්. මුත්තුසාමි
1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.


දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
දොයි දොයි දොයි
බයි බයි බයි

ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි
මරුවා ළඟා වෙනවා
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
ලොව දම් කැරකෙනවා //

පොහොසත් දරුවා කැලේ පැලේ දුකසේ දැඩි වෙන්නා පවේ බලේ //
දුප්පත් දරුවා සුව යහනේ මත
සැපසේ වැඩෙනා පිනේ බලේ

ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි
මරුවා ළඟා වෙනවා
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
ලොව දම් කැරකෙනවා

මනු බව මස් ලේ ඉපදීමත් මරණෙත් එක වාගෙයි ඔබෙත් මගේ //
දුප්පත් පොහොසත් දෙකක් මොකද මේ
මෙලොවේ ලොකු පුදුමයක් වගේ

ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි
මරුවා ළඟා වෙනවා
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
ලොව දම් කැරකෙනවා

කරුමෙ හිස දරා උපදිනවා අපි කවුරුත් එකා වගේ
දුක හා සැපතා ලැබේවී අපේ පවත් පිනත් වාගේ //

ඇතත් නැතත් පරලොවක් මැවීලා
පවෙන් මිදෙව් මේ ලොවේ සැමා
නැතැයි සිතා පව් කළොත් විපාකේ
දුකා ලැබේමැයි නැතේ සමා

ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි
මරුවා ළඟා වෙනවා
සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
ලොව දම් කැරකෙනවා

දොයි දොයි දොයි
බයි බයි බයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lokaya Peraleyi Kale Gewi Yayi Song Lyrics - ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි ගීතයේ පද පෙළ Lokaya Peraleyi Kale Gewi Yayi Song Lyrics - ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment