Hadannepa Hadannepa Song Lyrics - හඬන්නෙපා හඬන්නෙපා ගීතයේ පද පෙළ

Hadannepa Hadannepa Song Lyrics - හඬන්නෙපා හඬන්නෙපා ගීතයේ පද පෙළ
Song Title : Hadannepa Hadannepa (හඬන්නෙපා හඬන්නෙපා)
ගායනය : රොඩ්නි වර්ණකුල සහ පිරිස
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ


හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ //

ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ //
මුහුණ වසා කඳුළු ඉසී මගෙ රන් මැණිකෝ //

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ //

සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ළමැද ගඟේ //
සුසුම් සලා රඟනා සැටි මගෙ කෝමලියේ //

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ //

නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි //
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන් ‍//
ඔහු එනතුරු උ‍ඹ තනියෙන් සිං‍දු කියාපන් //

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කළු මැණිකෝ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadannepa Hadannepa Song Lyrics - හඬන්නෙපා හඬන්නෙපා ගීතයේ පද පෙළ Hadannepa Hadannepa Song Lyrics - හඬන්නෙපා හඬන්නෙපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 08, 2021 Rating: 5

0 comments:

Post a Comment