Ge Kirilliye Song Lyrics - ගේ කිරිල්ලියේ ගීතයේ පද පෙළ

Ge Kirilliye Song Lyrics - ගේ කිරිල්ලියේ ගීතයේ පද පෙළ
Song Title : Ge Kirilliye (ගේ කිරිල්ලියේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රවි සිරිවර්ධන
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ගේ කිරිල්ලියේ නුඹ
කොයි ඉසව්වකද නොදැනේ
අපි අපට අහිමි සඳ
පැටවුන්ට නොවෙද රිදුනේ //
ගේ කිරිල්ලියේ

මහ රැයේ මගේ තුරුලට ගුලි වී
උන් නුඹයි සොයා හැඬුවේ සොඳුරී //
දං කිරි වෙනුවට මුළු රෑ ඇහැරි
මං මගේ කඳුළු පෙව්වා සොඳුරී

ගේ කිරිල්ලියේ

අප දෙමඟ ගියත් කුලගෙය ඇවිළී
පැටවුන්ට විසයි ඒ දුක සොඳුරී //
යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහී
උඹ උන්ට එකම අම්මා සොඳුරී

ගේ කිරිල්ලියේ නුඹ
කොයි ඉසව්වකද නොදැනේ
අපි අපට අහිමි සඳ
පැටවුන්ට නොවෙද රිදුනේ
ගේ කිරිල්ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ge Kirilliye Song Lyrics - ගේ කිරිල්ලියේ ගීතයේ පද පෙළ Ge Kirilliye Song Lyrics - ගේ කිරිල්ලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 15, 2021 Rating: 5

0 comments:

Post a Comment