බිල් ක්ලින්ටන්ගේ පූසා "සොක්ස්" (Bill Clinton's Cat "Socks")

බිල් ක්ලින්ටන්ගේ පූසා "සොක්ස්" (Bill Clinton's Cat "Socks") - Your Choice Way

දේශපාලනය සැමවිටම සතුන්ගෙන් පිරී ඇති බව අප සියලු දෙනාම පිළිගන්නා කරුණකි. කෙසේ වෙතත්, 1992 ඇමරිකානු ජනාධිපති තරඟයේදී එක් දේශපාලන සතෙකුට විශාල අවධානයක් ලැබුණි.  "සොක්ස්"  නම් වූ ඌ බළලෙකි.

සෝකස් යනු ක්ලින්ටන් විසින් හදාගත් බළලෙකු වන අතර ඔවුන් සමඟ ධවල මන්දිරයටද යාමටද මේ බළලා වාසනාවන්ත විය. සොක්ස් පළමුවන පුරවැසියාගේ සුරතල් සතා නිසා මහත් ජනප්‍රිය විය. සොක්ස්ට උගේම වීඩියෝ ක්‍රීඩාවක් තිබුණි, ඌ ධවල මන්දිර වෙබ් අඩවියේ ළමයින්ගේ අනුවාදයේද සිටියේය. නමුත් අනෙක් රිපබ්ලිකානුවන් කෝපයට පත් කලේ  සොක්ස් විද්‍යුත් තැපෑලට පිළිතුරු දීම ගැන ය.

විශේෂයෙන්, ඉන්දියානා රිපබ්ලිකන් නියෝජිත ඩෑන් බර්ටන්ට අවශ්‍ය වූයේ බළලෙකුගේ මුවාවෙන් ළමයින්ගේ ලිපිවලට පිළිතුරු දෙන අයෙකු සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් කොපමණ ප්‍රමාණයක් වැය කරනවාද යන්න දැන ගැනීමටය. ඊට ප්‍රතිචාර වශයෙන්, සොක්ස් සහ බඩ්ඩි යන බල්ලාට කුඩා ළමුන් ලියූ ලිපි වලින් පොතක් සම්පාදනය කල ක්ලින්ටන් ඇතුළු කණ්ඩායම ඉන් ලැබුණ ආදායම ජාතික උද්‍යාන පදනමට ලබා දෙන ලදී.

රූපයෙන් දැක්වෙන්නේ 1992 දී ආකැන්සාස් හි බිල් ක්ලින්ටන්ගේ ඒ ජනප්‍රිය පූසා වූ  "සොක්ස්"වටා රැස්වී ඡායාරූප ගන්නා පැපරාසි කණ්ඩායමකි.

විශ්මිත ඉතිහාසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිල් ක්ලින්ටන්ගේ පූසා "සොක්ස්" (Bill Clinton's Cat "Socks") බිල් ක්ලින්ටන්ගේ පූසා "සොක්ස්" (Bill Clinton's Cat "Socks") Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment