Amma Kenek Biridak Wela Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ගීතයේ පද පෙළ

Amma Kenek Biridak Wela Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Amma Kenek Biridak Wela (අම්මා කෙනෙක් බිරිඳක් වෙලා)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රවි සිරිවර්ධන
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී //

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟවුණාවේ

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී

අතර මග සුණු විසුණු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පර වුණත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amma Kenek Biridak Wela Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ගීතයේ පද පෙළ Amma Kenek Biridak Wela Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 16, 2021 Rating: 5

0 comments:

Post a Comment