Ajaneya Skutar Song Lyrics - අජානේය ස්කුටර් ගීතයේ පද පෙළ

Ajaneya Skutar Song Lyrics - අජානේය ස්කුටර් ගීතයේ පද පෙළ
Song Title : Ajaneya Skutar (අජානේය ස්කුටර්)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා //

සූ සැට ශිල්පය උගෙනා පාරගතව තියෙනා
පාරෙ වැඩට හවුල්වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හදනා හදේ සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි වුනත් සාධු මල් පිපියන් සැමදා

අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ajaneya Skutar Song Lyrics - අජානේය ස්කුටර් ගීතයේ පද පෙළ Ajaneya Skutar Song Lyrics - අජානේය ස්කුටර් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 16, 2021 Rating: 5

0 comments:

Post a Comment