Adin Pasuwa Na Song Lyrics - අදින් පසුව නෑ ගීතයේ පද පෙළ

Adin Pasuwa Na Song Lyrics - අදින් පසුව නෑ ගීතයේ පද පෙළ
Song Title : Adin Pasuwa Na (අදින් පසුව නෑ)
ගායනය : පුන්සිරි සොයිසා


අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි //

වරද මගේදැයි - වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන් මතු දවසේ //
එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
නන්නාඳුණනා අය විලසේ

අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි

කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
සියල්ල නිමවන මේ මොහොතේ //
පිසින්න අවසර දෙන්න ලඳේ මට
අවසන් කඳුලක් ඔය දෙනෙතේ

අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adin Pasuwa Na Song Lyrics - අදින් පසුව නෑ ගීතයේ පද පෙළ Adin Pasuwa Na Song Lyrics - අදින් පසුව නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 21, 2021 Rating: 5

0 comments:

Post a Comment