මායා ලොවක සිරිගත් සින්සිනාටි හි පැරණි මහජන පුස්තකාලය (1875 -1955) (Old Public Library In Cincinnati)

මායා ලොවක සිරිගත් සින්සිනාටි හි පැරණි මහජන පුස්තකාලය (1875 -1955 ) (Old Public Library In Cincinnati) - Your Choice Way

සින්සිනාටි හි පැරණි මහජන පුස්තකාලය හැරී පොටර් චිත්‍රපටයකදී පමණක් ඔබට දැක ගත හැකි ස්ථානයකි. එයට හේතුව වූයේ එහි අඩංගු එයටම ආවේණික වූ ඉදිකිරිමේ හැඩය නිසාය. සුවිශාල යකඩ රාක්කවල තබා ඇති පොත් විශාල සංඛ්‍යාවක්ද, තට්ටු කිහිපයක් ඉහළට ඇදී යන සර්පිලාකාර පඩි පෙළවල්, චෙස් බෝඩ් එකක හැඩයට ඉදිවුණු මාබල් පොළව සහ ස්වාභාවික හිරු එළියෙන් ආලෝකමත් වූ ශාලාව ඔබව මවිත කරනු නිසැකය. මේ තුළ ඔබට සැඟවී එක රැයක් රැදී සිටියද ඔබව සොයා ගැනීමට කිසිවෙකුටත් අපහසු වේ.

1874 දී නිම කරන ලද මෙම ගොඩනැගිල්ල ඉදි කරන ලද්දේ ගෘහ නිර්මාණ ශිල්පී ජේ. ඩබ්ලිව්.  මැක්ලෝලින්ය. මුලින් ඔපෙරා රඟහලක් ලෙස ඉදිකරන ලද මෙය අවසානයේ එම අදහස වෙනස් කොට පුස්තකාලයක් ලෙස ගොඩ නගන ලදී. මෙහි ප්‍රධාන දොරටුවට ඉහළින් විලියම් ෂේක්ස්පියර්, ජෝන් මිල්ටන් සහ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් යන ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ හිස් කැටයම් කර ඇත. 

ඩොලර් 383,594.53 ක (අද වන විට ඩොලර් මිලියන 7 ක් පමණ) වියදමින් ඉදිකරන ලද මෙය “රටේ විශිෂ්ඨතම මහජන පුස්තකාලය” ලෙස එකල හදුන්වන ලදී. මෙහි පොත් 300,000 ක් පමණ තබා ගැනීමේ හැකියාව තිබී ඇත.

අවාසනාවකට මෙන් මෙම පුස්තකාලය සදහා අවමංගල්‍ය සීනුව නාද විය. මෙහි පොත් තබා ගැනීමට ඉඩකඩ මදි වීමත් ඇතුළු කරුණු කිහිපයක් නිසා අලුතින් පුස්තකාලයක් ඉදි කිරීමට බලධාරීන් තීරණය කරන ලදී. 1955 දී සින්සිනාටි බලධාරීන් විසින් පරණ ගොඩනැගිල්ලට මදක් එපිටින් නව ගොඩනැගිල්ලක් ඉදි කරන ලදී.

පැරණි ගොඩනැගිල්ල ඩොලර් 100,000 කට සමාන මුදලකට ලේමන් කෝප් නම් සමාගම වෙත විකුණන ලද අතර, එම වසරේ ජුනි මාසය වන විට මෙම විශ්මය ජනක පුස්තකාලය සදහටම නැති වී ගියේය. කලක් ප්‍රධාන දොරටුව ආරක්ෂා කළ පිළිරූ තුනම නව පුස්තකාල උයනේ සුරක්ෂිතව තැන්පත් කරන ලද අතර එම ගොඩනැගිල්ලේ තිබූ දේ වලින් අද ඉතිරිව ඇත්තේ ඒවා පමණි.

මෙහි ඇති අනෙක් පුදුම සහගත දෙය නම් එකල කිසිවෙක් මෙම පුස්තකාලය විනාශ කරනවාට විරුද්ධ නොවීමයි. සාහිත්‍ය ඉතිහාසයේ සුන්දරම කොටසක් මුළුමනින්ම අහෝසි කරමින් මෙම සම්භාව්‍ය ගොඩනැගිල්ල එලෙස කඩා බිඳ දමන ලදී.

විශ්මිත ඉතිහාසය
මායා ලොවක සිරිගත් සින්සිනාටි හි පැරණි මහජන පුස්තකාලය (1875 -1955 ) (Old Public Library In Cincinnati) - Your Choice Way
ප්‍රධාන ඇතුළු වීමේ දොරටුව

මායා ලොවක සිරිගත් සින්සිනාටි හි පැරණි මහජන පුස්තකාලය (1875 -1955 ) (Old Public Library In Cincinnati) - Your Choice Way
සින්සිනාටි හි පැරණි මහජන පුස්තකාලය විනාශ කරන අතරතුර, 1955.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මායා ලොවක සිරිගත් සින්සිනාටි හි පැරණි මහජන පුස්තකාලය (1875 -1955) (Old Public Library In Cincinnati) මායා ලොවක සිරිගත් සින්සිනාටි හි පැරණි මහජන පුස්තකාලය (1875 -1955) (Old Public Library In Cincinnati) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 13, 2021 Rating: 5

0 comments:

Post a Comment