Yuga Yuga Gane Song Lyrics - යුග යුග ගානේ ගීතයේ පද පෙළ

Yuga Yuga Gane Song Lyrics - යුග යුග ගානේ ගීතයේ පද පෙළ
Song Title : Yuga Yuga Gane (යුග යුග ගානේ)
ගායනය : නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය : හේමසිරි හල්පිට
තනුව සහ සංගීතය : සරත් ද අල්විස්


යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැඳිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා

මා පැතුවා සේ ආදර දෑසේ
පෑහෙන ආදරයේ
යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැදිලා

ආදර තරඟ නැඟේ
මේ පෙම් විලෙහි ජලේ
මා සිත ඔකඳ වුනේ ආදරයටයි ඔබේ

ඔබ හැම භවයේ සෙවනැල්ලක් සේ
මා සමගම ආවා

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැදිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා

මා ලද ළබැඳි සෙනේ මා සිත පුබුදු කලේ
මා ඔබ නිරන්තරේ ආදර ලොවක රැඳේ
රුදු මරු කතරේ දිය බිඳුවක් වී
මා ඔබ වෙත ආවා

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැඳිලා

ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා
මා පැතුවා සේ ආදර දෑසේ
පෑහෙන ආදරයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yuga Yuga Gane Song Lyrics - යුග යුග ගානේ ගීතයේ පද පෙළ Yuga Yuga Gane Song Lyrics - යුග යුග ගානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment