Suriyakantha Song Lyrics - සූරියකාන්තා ගීතයේ පද පෙළ

Suriyakantha Song Lyrics - සූරියකාන්තා ගීතයේ පද පෙළ

Suriyakantha Song Lyrics - සූරියකාන්තා ගීතයේ පද පෙළ
Song Title : Suriyakantha (සූරියකාන්තා)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ සමග අබේවර්ධන බාලසූරිය
පද රචනය : දයා ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා

සූරිය නාමෙන් නම ලදිමී
සූරිය වත මෙන් රුව ලදිමී (සූරියකාන්තා)
සූරිය පැහැයෙන් සළු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා
 
පිණි මල් ගඟුලෙන් මුව දෝවන්නේ
මිහි මත රන් සළු පිළි පළඳන්නේ
සූරිය මල් කිම තවම තැවෙන්නේ
හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නේ

නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ළන්දූ
කොපමණ තැවුනත් මල් ළන්දූ
මා නොවෙදෝ ඔබ දිණු ළන්දූ
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා
 
අහස පොළොව කෙදිනද හමුවන්නේ
මලකට හිමිකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ
මා එන පෙරමඟ බලා සිටින්නේ

නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ළන්දූ
කොපමණ තැවුනත් මල් ළන්දූ
මා නොවෙදෝ ඔබ දිණු ළන්දූනොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොතැවෙන් සූරියකාන්තා (සූරියකාන්තා)
නොහඬන් සූරියකාන්තා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suriyakantha Song Lyrics - සූරියකාන්තා ගීතයේ පද පෙළ Suriyakantha Song Lyrics - සූරියකාන්තා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment