Ganga Ennako Ganga Song Lyrics - ගංගා එන්නකෝ ගංගා ගීතයේ පද පෙළ

Ganga Ennako Ganga Song Lyrics - ගංගා එන්නකෝ ගංගා ගීතයේ පද පෙළ
Song Title : Ganga Ennako Ganga (ගංගා එන්නකෝ ගංගා)
ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
මේ ගීය ගැන "නෑ නේද?.. ඉතින් යළි අහක බලන් යන්නේ...." මැයෙන් සිළුමිණ 'පුන්කලස' අතිරේකයේ 'තත්සර ඇසුර' ට ධම්මික බණ්ඩාර ලියූ විචාරයක්.



ගංගා
එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර ..//
බලා සිටිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ

ගංගා
එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව ...//
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ

ගංගා
එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ganga Ennako Ganga Song Lyrics - ගංගා එන්නකෝ ගංගා ගීතයේ පද පෙළ Ganga Ennako Ganga Song Lyrics - ගංගා එන්නකෝ ගංගා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment