Viduli Dumriye Song Lyrics - විදුලි දුම්රියේ ගීතයේ පද පෙළ

Viduli Dumriye Song Lyrics - විදුලි දුම්රියේ ගීතයේ පද පෙළ

Viduli Dumriye Song Lyrics - විදුලි දුම්රියේ ගීතයේ පද පෙළ
Song Title : Viduli Dumriye (විදුලි දුම්රියේ)
ගායනය : රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රුද්‍රිගු
සංගීතය : මොහොමඩ් සාලි
ගී පද : දයානන්ද කුමාරසිරි


විදුලි දුම්රියේ චංචල නාදය
සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ
සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුනෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළඳේ

ආදර සුවඳින් දසතම මතුවෙන
වසන්ත සුළඟේ හැපී
සාගර ජලමත පාවෙන උයනේ
මීවිත පුරමු අපි
මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ
පුර සඳ මඩලේ සිනමා මැදුරක
නරඹමු නිසංසලේ
නරඹමු නිසංසලේ

විදුලි දුම්රියේ චංචල නාදය

පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන
ආදර සඳුන් වනේ
නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන්
යෞවන අවන්හලේ
මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ
ජය පැන් තොල ගා අමරණීය වන
කුමරුන් මමය ඔබේ
කුමරුන් මමය ඔබේ

විදුලි දුම්රියේ චංචල නාදය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Viduli Dumriye Song Lyrics - විදුලි දුම්රියේ ගීතයේ පද පෙළ Viduli Dumriye Song Lyrics - විදුලි දුම්රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment