✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පෙති 4
- බිත්තර 3
- පොඩි කොල පාට බෙල් පෙපර් 1 ( මට තිබුනේ නැහැ . මම කැරට් අල 1 ග්‍රේට් කරලා ගත්තා )
- මොසරැල්ලා චීස් හෝ ඕන චීස් ජාතියක් (ග්‍රේට් කර ගත් )
- පීසා සෝස් හෝ තක්කාලි සෝස්
- සොසේජස් කරල් 3 (මම යාන්තම් බැදලා පෙති කපලා දැම්මා )
- තෙල් මේස හැදි 2
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව පාන් පෙති 4 කුඩා කෑබලි වලට කපන්න. පසුව තරමක බෝල් එකකට බිත්තර 3 දමා එයට කැලි මිරිස් සහ ලුනු කුඩු ටිකක් දමා ගැරුප්පුවකින් තට්ටු කලා . පසුව එම මිශ්‍රණය පාන් කැබලි වලට දමා මිශ්‍ර කරන්න .
- නන් ස්ටික් භාජනයක් ලිප තබා තෙල් දමා පාන් මිශ්‍රණය දමා තුනී කර මද ගින්දරේ යාන්තම් බැදෙන විට එය උඩට තක්කාලි හෝ පීසා සෝස් දමා හැම තැනම විසිරවන්න.
- දැන් එය උඩින් ග්‍රේට් කර ගත් චීස් ටිකක් එකතු කරන්න . පසුව කොල පාට බෙල් පෙපර්
- 1 කුඩා කෑබලි වලට කපා උඩින් දමන්න ( මම කැරට් අල 1 ග්‍රේට් කර යාන්තමට තෙලේ බැද එයට කැලි මිරිස් සහ ලුනු කුඩු එකතු කර උඩින් දැම්මා ).
- පසුව යාන්තමට බැද කුඩා කෑබලි වලට කපා ගත් සොසේජස් උඩින් දැම්මා .
- අවසානෙට නැවත ග්‍රේට් කර ගත් චීස් ටිකක් උඩින් දැම්මා .
- දැන් පියනකින් වසා විනාඩි 3 පමණ පිස ගන්න . ගින්දර යාන්තමට තබන්න . පසුව ලිපෙන් ඉවත් කර පිගානකට දමා කැබලි වලට කපා ගන්න . හරිම රසයි . හදලා බලන්න කෝ .
Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment