Uppanna Sahathike Song Lyrics - උප්පැන්න සහතිකේ ගීතයේ පද පෙළ

Uppanna Sahathike Song Lyrics - උප්පැන්න සහතිකේ ගීතයේ පද පෙළ
Song Title : Uppanna Sahathike (උප්පැන්න සහතිකේ)
ගායනය : පේෂලා මෙන්ඩිස්
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : පුණ්‍යසිරි මහවත්ත


නම ගම ආගම
ඉපදුන දාතම
වග තුග ලියා ඇති
හතරැස් කොළයක් මටත් තියෙනවා
ගෙදරම තබා ඇති
එය උප්පැන්න සහතිකේ ////

පොඩි කාලේ සිට කියන කරණ දේ
අනුව වෙනස් වන වයස ගෙවෙද්දී
වැළි බත් අහුරින් මුළුතැන්ගෙට යන
දවසක් එන දවසක් තෙක් ළග ඇති
උප්පැන්න සහතිකේ
එය උප්පැන්න සහතිකේ ///

නම ගම ආගම
ඉපදුන දාතම
වග තුග ලියා ඇති
හතරැස් කොළයක් මටත් තියෙනවා
එය උප්පැන්න සහතිකේ ////

වෙනස් කරන්නට පුළුවන් මෙහි ඇති
නම ගම කුලගොත සිතූ විලාසෙන්
එනමුත් එහි ඇති නම රැක ගැනුමයි
ඉතාම වැදගත් කුඩා ළමයිනේ
උප්පැන්න සහතිකේ
එය උප්පැන්න සහතිකේ ///

නම ගම ආගම
ඉපදුන දාතම
වග තුග ලියා ඇති
හතරැස් කොළයක් මටත් තියෙනවා
ගෙදරම තබා ඇති
එය උප්පැන්න සහතිකේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Uppanna Sahathike Song Lyrics - උප්පැන්න සහතිකේ ගීතයේ පද පෙළ Uppanna Sahathike Song Lyrics - උප්පැන්න සහතිකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2021 Rating: 5

0 comments:

Post a Comment