Tharu Kata Didulanawa Song Lyrics - තරු කැට දිදුලනවා ගීතයේ පද පෙළ

Tharu Kata Didulanawa Song Lyrics - තරු කැට දිදුලනවා ගීතයේ පද පෙළ

Tharu Kata Didulanawa Song Lyrics - තරු කැට දිදුලනවා ගීතයේ පද පෙළ

Song Title : Tharu Kata Didulanawa (තරු කැට දිදුලනවා)
ගායනය : ප්‍රියා සූරියසේන සහ ලතා වල්පොල
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ප්‍රියා සූරියසේන


තරු කැට දිදුලනවා
මට මඟ පෙන්වනවා
රහසේ ආදර සඳළුතලාවට
පුරහඳ පායනවා
සෙනෙහස පිබිදෙනවා
ඇය මට අමතනවා

රෝමියෝ රෝමියෝ රෝමියෝ //

අප දෙදෙනාගේ පෙළපත් ඉහළයි
එළෙසම දෙපිළම නපුරුයි සතුරුයි
මහ මඟ දෙපිළේ අසිපත් පැටලෙයි
ඒ මැද අප සෙනෙහස තව ලියලයි
සෙනෙහස පිබිදෙනවා
ඇය මට අමතනවා

රෝමියෝ රෝමියෝ රෝමියෝ //

ගහ කොළ ඉහළට මඟ පෙන්වන්නේ
සඳළුතලාවේ අප ළංවන්නේ
සෙනෙහස ළඟ සිට නැත බියවන්නේ
දිවි නැසුනත් නැත අප වෙන්වන්නේ
සෙනෙහස පිබිදෙනවා
ඇය මට අමතනවා

රෝමියෝ රෝමියෝ රෝමියෝ //

තරු කැට දිදුලනවා
මට මඟ පෙන්වනවා
රහසේ ආදර සඳළුතලාවට
පුරහඳ පායනවා
සෙනෙහස පිබිදෙනවා
ඇය මට අමතනවා

රෝමියෝ රෝමියෝ රෝමියෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharu Kata Didulanawa Song Lyrics - තරු කැට දිදුලනවා ගීතයේ පද පෙළ Tharu Kata Didulanawa Song Lyrics - තරු කැට දිදුලනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 21, 2021 Rating: 5

0 comments:

Post a Comment