සිවිය [Siviya] (Piper Chuvya)

සිවිය [Siviya] (Piper Chuvya) - Your Choice Way
🌿 සිවිය විශාල ගස්මත පැතීරි වැඩෙන, බුලත්වලට බෙහෙවින් සමාන ආරෝහකයකි. 

🌿 තද කොළ පැහැති පත්‍රවල දිළිසෙන සුලු සිනිඳු මතුපිටක් පිහිටයි.

🌿 ඒකාන්තරව පිහිටන සරල පත්‍ර දිග සෙ.මි. 20 සහ පළල සෙ.මි. 10 දක්වා වර්ධනය විය හැකිය. 

🌿 පත්‍ර නටුව කෙටි වීම සහ මධ්‍ය නාරටිය එක් පසකට බරව පිහිටීම සිවිය අනෙක් Piper විශේෂවලින් වෙන් කර හඳුනා ගත හැකි ලක්ෂණයකි.

🌿 පුෂ්ප මංජරිය ශුකියකි. ජායංජගී සහ පූමංගි ශුකි එකම ශාකයේ වෙන වෙනම පිහිටයි. ඵලය බදරියකි. 

🌿 සිවිය Piperaceae උද්භිද කුලයට අයත් ශාකයකි. සිවිය ඌෂ්ණ බවින් අධික ඖෂධයක් බවත් එහෙයින් පිත වර්ධනය කරන බවත් සඳහන්. ප්‍රතිශ්‍යා, පීනස, කැස්ස, ඇදුම, පණු රෝග, අධිමාන, ආහාර අරුචිය, අජීර්ණය, කුසගිනි මදිකම, අර්ශස්, අපස්මාරය ආදී රෝගසඳහා ප්‍රතිකාර කිරීමට සිවිය ශාකයේ දඬු, මුල් හා කරල් භාවිතා කරයි. සිවිය කුසගිනි වඩවන, පණුවන් නසන, වේදනාවන් සමනය කරන, අක්මාව උත්තේජනය කරන, සෙම නසන ආදී ගුණයන් සහිතයි. අපස්මාරයට සහ මායාවාතයට ප්‍රතිකාර ලෙස සිවිය කරල් චූර්ණය නස්‍ය කිරීම ප්‍රකට යෝගයකි.

🌿 පිරිත් කොටුව සකස් කිරීමේදී වියට යටින් එල්ලීම සඳහා සිවිය කොළ භාවිතා කරයි. ඇතැම් විට සිවිය කරල් ගජ තිප්පිලි ලෙස හඳුන්වා ඇතත් එය මතභේදාත්මක කරුණක් ලෙස සැලකේ.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ ඔසුතුරු විසිතුරු සේයාරූ අන්තර්ජාලයෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිවිය [Siviya] (Piper Chuvya) සිවිය [Siviya] (Piper Chuvya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2021 Rating: 5

0 comments:

Post a Comment