Sakman Karana Maluwa Song Lyrics - සක්මන් කරන මළුව ගීතයේ පද පෙළ

Sakman Karana Maluwa Song Lyrics - සක්මන් කරන මළුව ගීතයේ පද පෙළ

Sakman Karana Maluwa Song Lyrics - සක්මන් කරන මළුව ගීතයේ පද පෙළ
Song Title : Sakman Karana Maluwa (සක්මන් කරන මළුව)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ //
රන් තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ //
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sakman Karana Maluwa Song Lyrics - සක්මන් කරන මළුව ගීතයේ පද පෙළ Sakman Karana Maluwa Song Lyrics - සක්මන් කරන මළුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment