Ajaneya Scooter Song Lyrics - අජානේය ස්කූටර් ගීතයේ පද පෙළ

Ajaneya Scooter Song Lyrics - අජානේය ස්කූටර් ගීතයේ පද පෙළ
Song Title : Ajaneya Scooter (අජානේය ස්කූටර්)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : රෝහණ විරසිංහ
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා //

සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා

අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ajaneya Scooter Song Lyrics - අජානේය ස්කූටර් ගීතයේ පද පෙළ Ajaneya Scooter Song Lyrics - අජානේය ස්කූටර් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment