රුලං දෝසි හදමු (Rulan Dosi)

රුලං දෝසි හදමු (Rulan Dosi) - Yor Choice Way

මම අද ☕ වෙලාවට කන්න ඉතාම ලෙහෙසියෙන් හදන්න පුලුවන්  රසවත් කැමක් හැදුවා . රුලං දෝසි. හරිම රසයි. අමු ද්‍රව්‍ය තුනයි .ලෙහෙසියි හදන්න .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • රුලං  250g
  • සීනි  250g
  • පොල් කප් 1 (100g)
  • වතුර   කප්  1/4    (60ml)
  • වැනිලා තේ හැඳි  1/2
  • මාජරීන් තේ හැඳි 2
  • බැදලා කුඩු  කරගත් එනසාල් 6

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව භාජනයක් ලිප තබා රුලං ටික හොදින්  බැද ගන්න.  නිවෙන්න පැත්තකින් තබන්න . 
  2. පොල් ටික බැද ගන්න තෙත ගතිය නැති වෙනතුරු . එකත් නිවෙන්න පැත්තකින් තබන්න .
  3. දැන් රුලං දෝසි සාදා තුනී කරනා tray එකට  මාජරීන් ගාන්න .
  4. භාජනයකට සීනි වලින් මේස හැදි 4 දමා කැරමල් එකක් සාදා ගන්න. පසුව උතුරන වතුර දමා මිශ්‍ර කර උණු කරන්න . උණු වේගෙන එනවිට ඉතිරි සීනි ටික දමා නුලක් වගේ වැටෙන ගානට උණු කරන්න . 
  5. දැන් වැනිලා සහ එනසාල් කුඩු  එකතු කර මිශ්‍ර කරන්න . කැමති නම් කලරින් පාටක් දා ගන්න . මම අද දැම්මේ නැහැ . 
  6. පසුව පොල් ටික එකතු කර මිශ්‍ර කරන්න . ඒ එක්කම මාජරින් තේ හැදි 2 දමා කලවම් කරන්න . 
  7. අවසානෙට  බැදගත් රුලං ට්ක එකතු කර හොදින් කලවම් කරන්න .
  8. පසුව පදම එනතුරු හොදින් හැදි ගාන්න . මැදට මිශ්‍රණය ගුලියක් ලෙස එකතු වනවිට ලිපෙන් ඉවතට ගෙන නෙල් තවරා ගත් ට්‍රේ එකේ තුනී කරන්න. ටිකක් ඝන වුනාට  පසු  කැලි කපා ගන්න .
Dhammika Panangala (ධම්මිකා පනංගල)
රුලං දෝසි හදමු (Rulan Dosi) - Yor Choice Way

රුලං දෝසි හදමු (Rulan Dosi) - Yor Choice Way

රුලං දෝසි හදමු (Rulan Dosi) - Yor Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රුලං දෝසි හදමු (Rulan Dosi) රුලං දෝසි හදමු (Rulan Dosi) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment