Ran Tikiri Sina Song Lyrics - රන් ටිකිරි සිනා ගීතයේ පද පෙළ

Ran Tikiri Sina Song Lyrics - රන් ටිකිරි සිනා ගීතයේ පද පෙළ

Ran Tikiri Sina Song Lyrics - රන් ටිකිරි සිනා ගීතයේ පද පෙළ
Song Title : Ran Tikiri Sina (රන් ටිකිරි සිනා)
ගායනය : නිරාශා පෙරේරා සමග වික්ටර් සිල්වා ඇතුලු ළමා පිරිස
පද : ඔගස්ටස් විනයාගරත්නම්
තනුව හා සංගීත අධ්‍යක්ෂණය : නිමල් මෙන්ඩිස්
මේ ළමා පිරිසට අයත් වූයේ එවකට කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සිසුවියන්ය.

මෙම ගීය පසු කලෙක කිහිප දෙනෙක්ම ගායනා කළා. ඒවා අතරින් නීලා වික්‍රමසිංහ මහත්මියගේ හා ටී.එම්. ජයරත්න මහතාගේ ගායනා රසික සිත් වලට වඩාත් සමීප වුණා.

ලෙටීෂියා බොතේජු මහත්මියගේ "ගඟ අද්දර" නවකතාව ඇසුරින් නවසිය හැත්තෑ ගKන් වල අග භාගයේ නිෂ්පාදනය වූ එම නමින්ම වූ චිත්‍රපටිය ජනාදරය අතිශයින්ම දිනා ගන්නට සමත් වුණා. තිස්ස අබේසේකර විසින් තිර රචනය කරන්නට යෙදුනත් මේ නිර්මානය කාන්තාවන් තිදෙනෙකුගේ එකතුවේ අග්‍ර ඵලයක්. සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ මෙහි නිෂ්පාදනය මිලිනා සුගතපාල මහත්මියගේ.එහි එන රන් ටිකිරි සිනා මුල් ගීයයි මේ...

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

දෑතේ බැඳිලා
ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉණිමං නැඟලා
ලස්සණ හොයලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

බාලේ ගෙවලා
කාලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දඟකර සිටලා
ගං තෙර හැරලා
ගමනක් යනවද සුදු මල්ලී
රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා
රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Tikiri Sina Song Lyrics - රන් ටිකිරි සිනා ගීතයේ පද පෙළ Ran Tikiri Sina Song Lyrics - රන් ටිකිරි සිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment