Premaya Puda Dee Awasanai Song Lyrics - ප්‍රේමය පුද දි අවසානයි ගීතයේ පද පෙළ

Premaya Puda Dee Awasanai Song Lyrics - ප්‍රේමය පුද දි අවසානයි ගීතයේ පද පෙළ
Song Title : Premaya Puda Dee Awasanai (ප්‍රේමය පුද දි අවසානයි)
ගායනය : චාමර වීරසිංහ, රාජිකා ප්‍රසාදිනී
පද රචනය : සී. එන්. ඕමන්තගේ
සංගීතය : ජයලත් වටවල


ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවණේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඬවයි නම් //
මා වෙනුවෙන් නොහඬන්න
ජීවිතයට ‍ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න

ආදරයක් තියනව නම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම් //
මට නොපෙනී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
ගතගෙන යන්නම් දුරක
සිත නම් බෑ ගෙන යන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaya Puda Dee Awasanai Song Lyrics - ප්‍රේමය පුද දි අවසානයි ගීතයේ පද පෙළ Premaya Puda Dee Awasanai Song Lyrics - ප්‍රේමය පුද දි අවසානයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2021 Rating: 5

0 comments:

Post a Comment