Pamawu Athithe Song Lyrics - පමා වූ අතීතේ ගීතයේ පද පෙළ

Pamawu Athithe Song Lyrics - පමා වූ අතීතේ ගීතයේ පද පෙළ
Song Title : Pamawu Athithe (පමා වූ අතීතේ)
ගායනය : තීක්ෂණ අනුරාධ
පද රචනය : කසුන් ප්‍රීමාල්
සංගීතය : සඳරුවන් ජයසිංහ


පමා වූ අතීතේ..
තාමත් හිත යට හඬන්නේ..
තනිවෙනා වෙලාවේ..
තනියට කඳුලයි තියෙන්නේ..//

මංගල පෝරුව සමීපේ..
ඔහු ඔබ අතගත් නිමේෂේ..
පවසන්නට බැරි සෙනේහේ..
තාමත් තනි හිත හඬන්නේ..

කුළුදුල් සිහිනය සිතාලා..
තරුවැල් ගැණ ගැණ පැතූවා..
රන් මුදුවක් සිත ඉරාලා..
තනිකර යන ඔබ බලාලා..
කොහොම ඉන්න ද ඉවසාලා..
කඳුලෙන් නෙතු තටු වැසීලා..
කඳුලෙන් නෙතු තටු වැසීලා..

පමා වූ අතීතේ..
තාමත් හිත යට හඬන්නේ..
තනිවෙනා වෙලාවේ..
තනියට කඳුලයි තියෙන්නේ

කවදාවත් හිමි නොවේවි..
මේ දුකටත් නිම් නොවේවි..
බොල් හුලඟක් ඔබ සිඹිද්දී..
මා මිය ගිය බව කියාවී..
ඔබට දුක් ගිනි නොලබා දී..
මම සමුගන්නම් සිනාසී..
මම සමුගන්නම් සිනාසී..

පමා වූ අතීතේ..
තාමත් හිත යට හඬන්නේ..
තනිවෙනා වෙලාවේ..
තනියට කඳුලයි තියෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pamawu Athithe Song Lyrics - පමා වූ අතීතේ ගීතයේ පද පෙළ Pamawu Athithe Song Lyrics - පමා වූ අතීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2021 Rating: 5

0 comments:

Post a Comment