ඕපනායක අයියා බේර ගත් බ්‍රාහ්මණ ගෑනි (Opanayaka Brother)

ඕපනායක අයියා බේර ගත් බ්‍රාහ්මණ ගෑනි (Opanayaka Brother) - Your Choice Way

මේ අපේ ගම් පලාතේ දැනට අවුරුදු 3-4 කට කලින් වෙච්චි ඇත්ත කතාවක්. අපේ නැන්දාලාගේ ගෙදර එහා ගෙදර හිටියේ අයියා කෙනෙක් අයියා කිව්වට මාමා කෙනෙක් වගෙ. මිනිහා බැදලා නෑ. අපි කියන්නේ ඕපනායක අයියා කියලා... ඕපනායක කිව්වට ඕපපාතිකයෙක් වගේ. හැම මගුලටම බයයි. මිනිහා කලේ ගල් කපන් කෝස් එකක්. මැණික් ගල් එහෙම කපන් ඔපදමන තැනක. රෑට චූ කරන්න යන්නත් බයයි මිනිහා. ඇලේ නාන්න බයයි. පීනන්න බෑ.. අපේ ගමේ සෙට් එකත් එක්ක තමයි මිනිහා වැඩිපුරම ඉන්නේ... සෙට් එක කිව්වේ පොඩි උන් 4 යි තව ලොකු අයියලා 2නයි.

දවසක් අපි සෙට් එක ගියා යාලුවෙක් ගෙදරකට රෑට කෑම කන්න එන්න කියලා.. බත් කාලා එහෙම කොල්ලො සෙට් එකේ 9 විතර හිටියා. අපි ගියා රෑ 9 ට විතර හොර වෑවර කඩන්න. සෙට් එකේ දෙන්නෙක්ට ගස් නගින්න පුලුවන්. අපි ගියෙ අඹේපුස්ස මාමලයි කුඹුරට හොර වෑවර කඩන්න ටෝච් නිමාගෙන සුපිරියටම හෙමින් හෙමින් හෙමින් ගියා නියරවල් උඩින් පහත් වෙලා. මොකද අඹේපුස්සට ටෝච් එලිය දැක්කෝත් ඉවරයි. අහු උනොත් මිනිහා කරන්නේ ගස් බැදලා දිමිගොටු දානව. ඉස්සර අපේ කොල්ලෝ දෙන්නෙකුත් අහුවෙලා පැලපොල් ගහක බැදලා දිමිගොට්ටක් දැම්මා.. ඒවා තමා උගේ දඩුවම්.....

ඔන්න ඉතින් හොරාට හොරාට ගිහිල්ලා අරුන් දෙන්නාගෙන් එකෙක් ගහකට නැග්ගුවා. අනිත් එකාට ගහට නගින්න බෑ කිව්වා ජොකා දාලා ආපු නැති නිසා.. හදත් පායලා තියන නිසා කලුවරක් තිබුනේ නෑ.. කොහොම හරි වෑවර ගෙඩි 10විතර කැඩුවා. එක ගෙඩියක් පොඩි ඇලට වැටුනා ඕය ගෙඩිය ගන්න අර ඕපනායක අයියා තමයි බැස්සේ. ඌ බෑ කියද්දිම අපි තල්ලු කරා ඇලට.. ගූ බයියි ගොං ලබ්බා..

හරි. වෑවර ගෙඩිය අහුලන් ඌ ගොඩට නගිනකොට කොන්ද පොඩ්ඩක් හිරුණා කිව්වා. අපි කිව්වා "අඩෝ නිදිකුම්බා කටු වලට වෙන්න ඇති. ඕකත් අරන් ඉක්මනට වරෙන් නැත්නන් අඹේපුස්සයා දිමිගොටු දායි කියලා"

අපි ටිකක් පහලට වෙන්නේ කුඹුරේ තියාගෙනම වෑවර බීලා මදත් කාලා ආවා.. ඇවිල්ලා පහුවදා උදේ ඕපනායක අයියා කිව්වා මගේ කොන්ද රිදෙනවා කියලා. අපි බැලුවා සර්පයෙක් වත් රිංගලද කියලා.... හත්වලාමේ ඇගිලිපාරක්..

ඊට දවස් 2කට පස්සේ ඔපනායකයට අම්බානෙක උණ හැදුනා වගේ උනා. දවස් 7 ක් ඉස්පිරිතාලෙ ඉදලා කොහොම හරි 7 වෙනිදවසේ මූ ඉස්පිරිතාලෙ හීනෙන් ඇවිදලා. මේක නර්ස් වගේ ඉන්නේ කොල්ලෝ අන්න එහෙම එකෙක් මට කිව්වේ.. ඕපනායකයා ඉස්පිරිතාලෙ ගැහැනු වාට්ටුවට හීනෙන් යනවලු අරුත් පස්සෙන්ම ගිහිල්ලා ගැහැනු වාට්ටුවේ හිටපු නාර්ස් මේක දැකලා මූ වනචරයෙක් වෙන්න ඇති හිතලා ටැප් එකෙන් වතුර එකක් අරන් මූනට දාලා ඊට පස්සේ ඕපනායකයට සිහිය ඇවිල්ලා.. මූ හොදටම බය වේලා.. නර්ස් නෝනා මූව ඇදන් ගිහින් දැම්මා ආයේ මුගේ වාට්ටුවට..

ඊට පස්සේ මූ 9 වෙනි දවසේ ටිකට් කැපුවා එදා ඉස්පිරිතාලෙට බ්‍රාහ්මණ ගෑනියෙක් වගේ ආවා. අවිල්ලා ඔපනායකයට කලු නූලක් දැම්මා බෙල්ලට මාසයක් යනකන් දාගෙන ඉන්න කියලා. ඒ බ්‍රාහ්මණ ගෑනි ටොයිලට් එකට ගියා.. මත් ගියා ඒ ගෑනි පස්සෙන්ම ඉස්පිරිතාලෙ ටොයිලට් එකට. මෙන්න බොලේ දොර අරිනකොටම ඒ ගෑනී ඒකේ නෑ.... මං බය උනා. මං හිතාගත්තා ඒ ගෑනි ටොයිලට් යන්නැතුව වෙනකොහේ හරි යන්න ඇති කියලා.. මට මග ඇරෙන්න ඇති කියලා.

කොහොම හරි ඕපනායක අයියාගේ ටිකට් කපලා ගෙදර ආවා. හැබැයි අර කලු නූල ගැලෙව්වේ නෑ මෑන්.............
(දවසකට පසු)

ඔන්න මං දවසකට පස්සේ ගියා ඔපනායකයට කොහොමද කියලා බලන්න.... අම්මෝ....... යද්දී මිනිහා පොල්කටු අගුරු පුච්චනවා.. පුච්චලා එලියෙ දාලා පොල්කටු අගුරු කෑලී.. මූ ගිනි පාගන්න වගේ... ආවේස වෙලා වගේ.. ඌ එලියට වී.සී.ඩී ප්ලෙයර් එකයි බෆල් එකයි එලියට ගෙනල්ලා සකුරා රේන්ජ් මියුසිකල් ශෝ එකක් දාලා නටනවා හෝ ගාලා ආවේස වෙච්චි එකා වගේ... ඊට පස්සේ ගිනි අගුරු ගොඩේ මේ හාදයා ඇවිදිනවා බය නැතුව... බුදු අම්මෝ මං ගිනි බයේ හිටියේ... දැන් මූ හෝ ගාලා ගිනි ගොඩේ නටනවා... මාත් පැත්තට වෙලා බලන් හිටියා මුගේ ජවුසම මොකද්ද කියලා...

මෙන්න බොලේ දෙවෙනි දවසෙත් මූ පොල් කටු රෙඩි කරනවා එදා ජවුසමම නටන්න දැන් ලාම්පුතෙල් දාලා පොල් කටු පත්තු කරන්න හදන්නේ බෆල් ගෙනල්ලා වී.සී.ඩී ප්ලෙයර් ගෙනල්ලා කලින් දවසේ කොල්ලොන්ගෙන් ඉල්ලගත්ත මියුසිකල් ශෝ ටිකක් ගෙනල්ලා..

මාත් පුටුවක් අරන් අඹ සම්බලයකුත් හදාගෙන මුගේ ජවුසම බලන්න මිදුලට ආවා...

දැන් මූ ඔන්න නටන්න පටන් ගත්තා නරපණුවා වගේ මාත් පුටුවෙන් වාඩිවෙලා පොඩි කොල්ලො ටිකත් එක්ක අඹ සම්බල් කකා චිත්‍රපටියක් බලනවා වගේ මුගේ ජවුසම බලනවා..... ටික වෙලාවයි ගියේ මුගේ සරමට ගිනි පොඩ්ඩක් ඇවිලුනා මං පැනලා මුව එහාට විසිකලා. තල් අත්තක් අරන් ගහලා ගහලා ගින්න නිමුවා පොඩි උන් ටික වතුර ගැහුවා.. ඊට පස්සේ සරම උස්සලා කකුල බැලුවා. කකුල පොඩ්ඩක් පිච්ල්ලා... මං සෙනිකව මගේ චැලි බයික් එක ගත්තා ඕපපාතිකයා දාගත්තා බෙහෙත් සාප්පුවට ගියා. ගොඩක් අවුලක් නැති නිසා. හොස්පිටල් ගියොත් අනිවාර්යයෙන් මූ අංගෙඩ ගිහින් දානව කරන වැඩ නිසා..

ඊට පස්සේ බෙහෙත් දාලා එක්කන් එනකොට රෑ 8.30 විතර වෙලා... මං සිගෙක් පත්තු කරා.. මූත් එක්ක එන්නත් බයයි අර බ්‍රාහ්මණ ගෑනි ගැන මතක් වෙනකොට. සිගා එක ගහගෙන ඔන්න ආව. ඔන්න දැන් තමයි සීන් එක..... ඕපනායකත් එක්ක එද්දී බයික් එක එද්දි පාරේ පොඩි පොඩි මකුලුවෝ පාර පුරාම... මෙන්න බොලේ තව ටිකක් දුර එද්දී මාපිල්ලු පොඩි ගුරුපාර පුරාම. පාට පාට මාපිල්ලූ.. මං උන් ඔක්කොම මග ඇර ඇර ආවා.. හරිම පුදුමයි. කවදාවත් දැකලා නැති තරමටම. තව ටිකක් දුර එද්දී මෙන්න පිඹුරෝ පාර පුරාම. හැබැයි උන් මට කන්න පනින්නේ නෑ.. මං උන් මග ඇර ඇර ආවා.... තව ටිකක් දුර එද්දි පාර දෙපැත්තෙම අලි පේනවා හැබැයි උන් පාරට එන්නෑ.. ඈත ඉන්නේ.. මේක මටයි ඕපනායකයටයි දෙන්නටම පේනවා. අලි ටික නන් පැහැදිලි නෑ වැඩිය ගස් අස්සේ වගේ ඉන්නේ.. අනික අලි එහෙම ඒ පැත්තේ ඇත්තෙත් නෑ... ඔන්න තව ටිකක් දුර එද්දී ලස්සන නයි ඉන්නවා.. හරිම පුදුමයි. හැබැයි උන් පාරේ දෙපැත්තේ ඉන්නේ.. කිසිම එකෙක් මට දශ්ට කරන්නෙවත් පනින්නෙවත් නෑ.. හරියට මායාවක් වගේ... කොහොම හරි ඒවා ඔක්කොම පහු කරලා ගෙදර ආවා..

පහුවදා ඕපනායකයට ආයේ උණ ගත්තා.. අපි බැරිම තැන අර බෙල්ලේ දාපු නූල කතුරෙන් කපන්න හැදුවා... අම්මෝ ඒ නූල කොහොමත් කපන්න බෑ.. හරි හයියයි බ්ලේඩ් එකකින් වත් කොහොමත් බෑ.. බැරිම තැන නූල පුච්චන්න හැදුවා... මාර සිද්දිය කියන්නේ කොහොමත් පිච්චෙන්නෑ...

මේ සීන් වලින් පස්සේ ඕපනායක අයියා කිසි දේකට බය නැති උනා.. අපිටත් හරි පුදුමයි... මිනිහා රෙස්ලින් බලනවා. කිසි දේකට බය නෑ..

ඔය අතරේ අපේ යාලුවෙක්ගේ සීයා කෙනෙක් හිටියා පොර මන්තරකාරයෙක්. අපි මිනිහට කිව්වා මේ සිද්දිය එතකොට තමයි මේ ඔක්කොම පැහැදිලි උනේ....

ඉතුරු ටික ඕනද..... පස්සේ කතාව ලියන්නම් නේද.. දැන් අත රිදෙනවා ටයිප් කරලා... හරි හරි ඔන්න දැම්මා

එහෙනන් හේතුව හොයලා බැලුවාම ඔයා අපි හොර වෑවර බීලා තියෙන්නේ වෑවර ගස් කලින් අයිති වෙලා තියෙන්නේ ඒ කියන්නේ අඹේපුස්සයට කලින් අයිතිකාරයා හූදු කාරයෙක් ඌ පොල් මණිඩියට පට්ට ආස පොරක් ඌ තනි හූදු කාරයෙක් හූදු ගහන්න පොල් මණ්ඩියයි කුඹුරයි අඹේපුස්සට මාමට විකුණලා අපි අපි හොරෙන් වෑවර බීලා තියෙන්නේ ඔය ඉඩමේ අයිති කාරයා මැරුණ දවසේ මයි. ඒ මිනිහා නිසා තමයි ලු මූ ලෙඩ උනේ.. ඇයි ඔපනායකයනේ ඇලට බැස්සේ අනිත් වෑවර ගෙඩිය ගන්න.

එතකොට අර බ්‍රාහ්මණ ගෑනි කවුද

බ්‍රාහ්මණ ගෑනි තමයි අඹේපුස්සයා බේර ගත්තේ අර නූල බෙල්ලේ තිබුන නිසයි අර මැරැණ ඉඩමේ කලින් අයිතිකාරයගේ බලපෑම් වලින් අඩු උනේ.. ඒකයි අපිට සර්පයෝ අලි එහෙම පෙනිලත් උන් අපිට කරදර කරේ නැත්තේ... අර මන්තර සීයා අර මැරුණ ඉඩම්කාරයා එක්ක කතාකලා බූත සන්නිවේනයෙන්.( ඒවා ගැන අහන්නෙපා මං දන්නෑ) එතකොට ඒ ඉඩම් අයිතිකාරයා කිව්වලු මගේ ඉඩමේ තව පොල් ගස් පැල 10 ඉන්දන්න මං කරදර කරන්නෑ.. තව මං වෙනුවෙන් කුඹුරේ සල්ලි ඔට්ටු දාලා බූරු අතක් ගහන්න. හොද අඩියකුත් ගහන්න කියලා.

අපි කිව්ව විදියට ඒවා කලා.. කුඹුරේ හොද අඩියකුත් ගහලා බූරු හූදුවකුත් ගහලා ඕමි ගහල. කරටි කැඩෙන්න්න ගල් අරක්කු අඩියක් ගැහුවා ...

මෙන්න ඊට පහුවදා ඉදලා ඕපනායකයට හොදයි.. හැබැයි මූ ආයේ ඕපපාතිකයා වගේ හැම ලබ්බකම බයයි.. ශික් නෙදකු... අපරාදේ...... ආ තව අර දැම්ම කලු නූල බෙල්ලේ තිබුනේ.. අන්න ඒක අතුරුදහන් වෙලා..... හරි පුදුමයි... ඒත් අපිට තාම හිතාගන්න බැරි අර බ්‍රාහ්මණ ගෑනි කවුද කියලා.

ඊට පස්සේ ඉදලා අපි ඒ වත්තෙන් හොර පොල් කැඩුවේ නෑ.. වෙන වතු වලට පැන්නා හොර පොල් කඩන්න. ඕපනායක අයියා වෙනදා වගේ ගූ බය එකා වගේ උනා.. එච්චරයි කතාව.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඕපනායක අයියා බේර ගත් බ්‍රාහ්මණ ගෑනි (Opanayaka Brother) ඕපනායක අයියා බේර ගත් බ්‍රාහ්මණ ගෑනි (Opanayaka Brother) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2021 Rating: 5

0 comments:

Post a Comment