Muladi Banda Adarayaka Song Lyrics - මුලදි බැන්ද ආදරයක ගීතයේ පද පෙළ

Muladi Banda Adarayaka Song Lyrics - මුලදි බැන්ද ආදරයක ගීතයේ පද පෙළ
Song Title : Muladi Banda Adarayaka (මුලදි බැන්ද ආදරයක)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
සංගීතය : මොහොමඩ් සාලි
ගී පද : ඇලෝයි ගුණවර්ධන


මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන
මිනී වලක මා යටකර තබන දින
වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන||

මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...//

අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා..//
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මල කඳ තමා...//

සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්...

මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..//
එක් වෙන්නට නොහැකි වු‍‍නොත් රන්කදේ
සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muladi Banda Adarayaka Song Lyrics - මුලදි බැන්ද ආදරයක ගීතයේ පද පෙළ Muladi Banda Adarayaka Song Lyrics - මුලදි බැන්ද ආදරයක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2021 Rating: 5

0 comments:

Post a Comment