Moratuwa Moratuwa Song Lyrics - මොරටුව මොරටුව ගීතයේ පද පෙළ

Moratuwa Moratuwa Song Lyrics - මොරටුව මොරටුව ගීතයේ පද පෙළ
Song Title : Moratuwa Moratuwa (මොරටුව මොරටුව)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් වූ "සිහින පැතුම්" තැටියට ඇතුළත් වූ ගීයකි. (EP Sooriya / CHB 035)


මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක් මව සැරසුව මොරටුව අපෙ ගම
කොතැනත් මුල් තැන රැකගත් දස්කම
මවු බිම අගයන එකයි මොරටු කම

ලී බඩු ගැන නම ලක්බිම රන්දා
මසුන් මරන ඔරු සයුරට කැන්දා //

ආදර හොඳ හිත සැම වෙත රන්දා
මොරටුව වැජඹෙයි අද ජයකොඩි බන්දා

මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක් මව සැරසුව මොරටුව අපෙ ගම
කොතැනත් මුල් තැන රැකගත් දස්කම
මවු බිම අගයන එකයි මොරටු කම

කොතන වුනත් අපි එකමුතු වන්නේ
මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ
පෙරට තැබූ පය නැත ආපසු ගන්නේ
පූරුවෙ පිණටයි අපි මොරටුවේ උපන්නේ

මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක් මව සැරසුව මොරටුව අපෙ ගම
කොතැනත් මුල් තැන රැකගත් දස්කම
මවු බිම අගයන එකයි මොරටු කම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Moratuwa Moratuwa Song Lyrics - මොරටුව මොරටුව ගීතයේ පද පෙළ Moratuwa Moratuwa Song Lyrics - මොරටුව මොරටුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment