චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු

චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

චොක්ලට් සිරප් එක සඳහා
  • කොකෝවා පවුඩර් ග්‍රෑම් 50
  • සීනි ග්‍රෑම් 200
  • ලුණු තේ හැඳි  1/4
  • වැනිලා ස්වල්පයක් 
  • වතුර අඬු කෝප්ප 1 
Chocolate Ganache
  • කොකෝවා පවුඩර් ග්‍රෑම් 50
  • සීනි ග්‍රෑම් 100
  • කෝන් පිටි මේස හැඳි 2
  • ලුණු තේ හැඳි 1/4
  • නැවුම් කිරි මිලි ලීටර් 250
  • බටර් මේස හැඳි 1
  • වැනිලා ස්වල්පයක් 
🔴 බොහෝ දෙනෙක් අහල තිබුණ ගොඩක් අයිසින් වර්ග හදන හැටි සහ අපි හදන ආහාර වර්ග අලංකාර කර ගන්න ක්‍රම ටිකක් කියන්න කියල.ඇත්තටම මම වෘත්තීයමය වශයෙන් ආහාර වර්ග හදන කෙනෙක් නෙවෙයි.මම මගේ කාර්‍ය බහුල කම අස්සෙ එන පොඩි විවේකය තුල මගේ විනෝදාංශය වශයෙන් කරන දෙයක් විතරයි ඔයාල හැමෝම එක්ක බෙදා ගන්නෙ. අනික මම හැමදාම කියන එකක්නෙ ලේසියට වස විස දාපු කඩේ තියන ඒව කාල පරම්පරාවක් ලෙඩ කරනවට වඩා හොඳයි අපි පුළුවන් විදියට ගෙදර හදාගෙන කන එක කියල.. අද නම් මට පොඩි කාලයක් තියෙන්නෙ.ඒ අතරතුර මම අද කියල දෙන්නෙ හරිම ලෙහෙසි දෙයක්.ඒ චොකලට් සිරප් සහ Chocolate Ganache නිවැරැදිව හදන ක්‍රමය.👌

✅ සාදා ගන්නා ආකාරය : (Chocolate syrup)

  1. ♦️ ප්‍රථමයෙන්ම නන්ස්ටික් භාජනයක් අරන් කොකෝවා පවුඩර්,සීනි,සහ ලුණු ස්වල්පය දලා හොඳට කවලම් කරන්න.
  2. ♦️ දැන් වතුර කෝප්පය දලා හොඳට කවලම් කරල ලිප තබන්න.මතක තියා ගන්න ගින්දර මධ්‍යම ප්‍රමාණයට දාන්න.ලිපේ තියන අතර තුර හොඳින් කවලම් කරන්න.(වික්ස් එකක් භාවිතා කරන්න)
  3. ♦️ විනාඩි 10 ක් වගේ යද්දි තික් ගතියට එද්දි වැනිලා එකතු කරන්න.හොඳට කවලම් කර බුබුළු දාන මට්ටමට එන විට ලිපෙන් බාල කවලම් කරල නිවෙන්න තියන්න.
  4. ♦️ හොඳට නිවුනට පසු බෝතලයකට දාල අවශ්‍ය විටක පාවිච්චි කරන්න.කඩෙන් ගන්න ඒවයි සහ අපි මේ හදපු එකේ කිසි වෙනසක් නැහැ.ඕන නම් කඩෙන් ගන්න එකේ තව කෙමිකල් දෙක තුනක් නම් නොවරදවාම එකතු කරල ඇති.නමුත් අපි හදා ගනිපු එක අපිට විශ්වාසයි නේ.

✅ සාදා ගන්නා ආකාරය: (Chocolate Ganache)

  1. ♦️ මුලින්ම නන්ස්ටික් භාජනයක් අරන් කොකෝවා පවුඩර්,සීනි සහ ලුණු ස්වල්පය දාල හොඳට කවලම් කරන්න.
  2. ♦️ කිරි මේස හැඳි 5 ක් වගේ දාල කෝන් පිටි ටික දිය කර ගෙන පසෙකින් තබන්න.
  3. ♦️ දැන් කිරි ටිකෙන් ටික දාල හොදට විස්ක් එකකින් කවලම් කරල ලිප තබන්න. මේ අවස්ථාවේදීත් ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබා ගන්න.ලිපේ තියන අතර තුර හොඳට විස්ක් කරන්න.
  4. ♦️ විනාඩි 5 ක් වගේ ගියාම දිය කර ගත් කෝන් පිටි ටික එකතු කරල හොඳට විස්ක් කරන්න.ටිකෙන් ටික තික් වෙලා එද්දි වැනිලා එකතු කරන්න.
  5. ♦️ හොඳට පදමට තික් වෙලා එද්දි (මැදින් බුබුළු දාන එන විට) බටර් ටික එකතු කරල හොඳට කවලම් කරන්න.
  6. ♦️ දැන් ලිපෙන් බාල හොඳට නිවෙන්න තියන්න.
🔴 මම ඉතින් මේ ganache එක හදාගෙන රසම රස Donut 🍩 සහ shyrup එක පාවිච්චි කරල Ice coffee 🍯 එකක් හදා ගත්ත.කිසිම බයක් සැකක් නැතුව රස බලන්න පුළුවන්.වස විස නැහැ. කෘතීම කල් තබා ගැනීමේ වස විස නෑ. උපරිම සෞඛ්‍යය සම්පන්නයි. 👍

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way

චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way

චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way

චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way

චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way

චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way

චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way

චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way

චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු - Your Choice Way
👇 මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්.ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු චොක්ලට් සිරප් සහ Chocolate Ganache 🥞 හදමු Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment