Mango Kalu Nande Song Lyrics - මංගෝ කළු නැන්දේ ගීතයේ පද පෙළ

Mango Kalu Nande Song Lyrics - මංගෝ කළු නැන්දේ ගීතයේ පද පෙළ
Song Title : Mango Kalu Nande (මංගෝ කළු නැන්දේ)
ගායනය : මූන්ස්ටෝන්ස්
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
"මූන්ස්ටෝන්ස්" කණ්ඩායමේ ප්‍රථම EP තැටිය වූ "Musical Gems of Ceylon" (EP Philips / JVPC 1007) හී ගීයකි. මෙහි පද මුල් ගීය අනුවයි. මුල් ගීය යහපත් හඬ තත්වයක නැත.පසු කලෙක ඇනස්ලි කළ ගායනයක්.


මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ //

බුලත් කොරටුවේ ළපටි දළු වැලේ
මංගොට දැන් හරිම වැඩ වගේ
පොළට ගෙනල්ලා ලාභෙට විකුණාලා
ගෙදර එන්නෙ හිනා වැහි වැහී

මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ

මංගො නැන්දගේ දුව අංගො කුමාරී
ගිය සුමානෙ පැනල ගිහිල්ලා
ඇය හඬා වැළපිලා පොළවේ හැපී නැගිටලා
වැඩක් නැහැනෙ දැන් පසුතැවිලා

මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ

අහළ පහළ හැමෝම ඇගෙ කටට බයවෙලා
ඉන්නෙ ඇයට දිණුම පවරලා
මාමා ගෙදර ආව දාට ඈව හිරවෙලා
දහයට ගැණගන්න බැහැ වගේ

මංගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙදරින් පැනගත්තේ //

මංගෝ කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mango Kalu Nande Song Lyrics - මංගෝ කළු නැන්දේ ගීතයේ පද පෙළ Mango Kalu Nande Song Lyrics - මංගෝ කළු නැන්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2021 Rating: 5

0 comments:

Post a Comment