Ma Adareyi Nangiye Song Lyrics - මා ආදරෙයි නංගියෙ ගීතයේ පද පෙළ

Ma Adareyi Nangiye Song Lyrics - මා ආදරෙයි නංගියෙ ගීතයේ පද පෙළ
Song Title : Ma Adareyi Nangiye (මා ආදරෙයි නංගියෙ)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "කිරි මුහුද" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Lotus / LECL 001 GC 001)


මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී ....//

ඔබෙ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි ...//
සෙල්ලම් කරලා
මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී

සණ්ඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි
පාඩම් කරලා
මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි

මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි
මගේ ආදරේ මුතු කැට මෙන් සාගරේ
නැළවී නැළවී
හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Adareyi Nangiye Song Lyrics - මා ආදරෙයි නංගියෙ ගීතයේ පද පෙළ Ma Adareyi Nangiye Song Lyrics - මා ආදරෙයි නංගියෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2021 Rating: 5

0 comments:

Post a Comment