Ma Adara Amma Song Lyrics - මා ආදර අම්මා ගීතයේ පද පෙළ

Ma Adara Amma Song Lyrics - මා ආදර අම්මා ගීතයේ පද පෙළ
Song Title : Ma Adara Amma (මා ආදර අම්මා)
ගායනය : චාමර වීරසිංහ
තනුව : ප්‍රියන්ත නාවලගේ
පද : ශෙහාන් ගලහිටියාව


නපුරු වෙන්න එපා කියල
නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියල
දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

ඇගෙ ආදර ලේ කිරි
මම රසකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය
ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

කඳුලු බිංදු හංගා
මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා
ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා
අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන
මට සුවයම දුන්නා
මා ආදර මගෙ අම්මා

යන එන තැන විමසා
මා පසුපස උන්නා
හිත රිදුණම හිස අතගා
දුක් ගින්දර නිව්වා
නිවැරදි මග පෙන්නා
ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න
සසරම මදි අම්මා
මා ආදර මගෙ අම්මා

නපුරු වෙන්න එපා කියල
නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියල
දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

ඇගෙ ආදර ලේ කිරි
මම රසකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය
ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Adara Amma Song Lyrics - මා ආදර අම්මා ගීතයේ පද පෙළ Ma Adara Amma Song Lyrics - මා ආදර අම්මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment