කයිල / වැල් කයිල (Kayila / Wal Kayila - Phyllanthus Reticulatus)

කයිල / වැල් කයිල (Kayila / Wal Kayila - Phyllanthus Reticulatus) - Your Choice Way
🌿 අඩි 8-10 උසට වැඩෙ න පඳුරකි. කඳේ යාන්තමින් බූව ඇත. ලන්සාකාර පත්‍ර සිනිඳුය. 

🌿 පත්‍රයෙහි යටි පැත්ත ළා පාටය. 

🌿 කයිල වැලේ මුළු අවුරුද්ද පුරාම රෝස පාටට හුරු මල් පිපේ. 

🌿 ඵලය අඟල් කාලක් පමණ දිගය. ගෝලාකාර වූ ඵලය මාංසලය වන අතර දම් පාටට හුරු සිනිඳු දිලිසෙන බවකින් යුක්තය. එහි ඇට දහයක් පිහිටා ඇත. 

🌿 මෙම ශාකය ලංකාවේ වියළි ප්‍රදේශවල බහුලවත්, තෙත් ප්‍රදේශවල කලා තුරකිනුත් හමුවේ. කයිල ශාකය මලයාසියාව, පාකිස්ථානය, නිවර්තන අප්‍රිකාව හා චීනය වන රටවල වැවේ. 

🌿 මෙය එවුෆෝබියාසේ කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම
🌿 මලබද්ධය ඇති කරයි. වාත, ඉඳිමුම් හා රුධිර දෝෂ පහ කරයි. කයිල පොතු ශරීරය කෙට්ටු කරන ඔසුවක් සේ සැලකේ. 

🌿 කයිල කොළ මුත්‍රා වැඩි කරයි. 

🌿 විදුරුමසින් ලේ ගැලීම වැළැක්වීම සඳහා කයිල ශාකයේ කොටස් වෙනත් ඖෂධ සමඟ යොදනු ලැබේ. 

🌿 රුධිරයේ ඌෂ්ණත්වය අඩු කිරීම සඳහා ද භාවිතා වන ඖෂධයකි.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර සේයාරූ අන්තර්ජාලයෙන්
කයිල / වැල් කයිල (Kayila / Wal Kayila - Phyllanthus Reticulatus) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කයිල / වැල් කයිල (Kayila / Wal Kayila - Phyllanthus Reticulatus) කයිල / වැල් කයිල (Kayila / Wal Kayila - Phyllanthus Reticulatus) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment