කපුරු (Kapuru - Cinnamomum Camphora)

කපුරු (Kapuru - Cinnamomum Camphora) - Your Choice Way

🌿 අඩි 2-4 අතර උසැති මෙම ශාකය ෆෝමෝසා, චීනය, ජපානය හා මලයාව ආදී රටවල වැවේ.

🌿 වර්තමානයේදී එය එක්සත් ජනපදයේ කැලිෆෝනියාව හා ෆ්ලොරීඩාව බඳු උණුසුම් ප්‍රදේශවලත් වවනු ලැබේ. 

🌿 මේ ශාකයේ ලීයෙහි සහ කොළවල කපුරු නම් රසායනිකය අඩංගුය. එය සුවඳ සහිත කාබනික රසායනිකයක් වන අතර බටහිර රසායන විද්‍යාවේදී ටර්පිනොයිඩ් කීටෝනයක් ලෙස හඳුන්වයි.

🌿 කපුරු ගස කුඩා කැබලි බවට පත් කර, එම කැබලි අතරින් හුමාලය යැවීමෙන් ලැබෙන වාෂ්ප ඝනීභවනය කිරීමෙන් ස්වභාවික කපුරු ලබාගත හැකිය.

🌿 එම ආස්‍රැතයේ තෙල් කොටසින් කපුරු ස්ඵටික සෑදේ. 

🌿 කපුරු උත්තේජකයක්, වාත නාශකයක් හා ව්ෂබීජ නාශකයක් වශයෙන් භාවිතා වෙයි. 

🌿 කපුරු ශාකය Lauraceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම
🌿 කපුරු පක්ව කර්පුර (පැසවූ) අපක්ව කර්පුර (අමු/නොපැසවූ) යනුවෙන් දෙවර්ගයක් සේ වෛද්‍ය ශාස්ත්‍ර යේ දැක්වේ. 

🌿 කපුරු ශාකය කුඩා කැබලි වලට කපා වතුර වත් කොට තම්බා පෙරාගත් ජලය ශීතල වන්නට තැබූ කල කිරි යොදය මෙන් එහි මතුපිට කපුරු හට ගනී.

🌿 මෙසේ තනාගත් කපුරු පක්ව කර්පූර නම් වේ. 

🌿 කපුරු ශාකයේ කඳ පැළී වැගිරෙන ලාටු විශේෂය අපක්ව හෙවත් අමු කපුරු නම් වේ. 

🌿 මේ දෙවර්ගයෙන් අමු කපුරු වඩා ගුණ බව ආයුර්වේද මතයයි. 

🌿 මේ දෙවර්ගය හැර සංස්කෘත ග්‍රන්ථවල “පෝතාස“ “හීමසේන“ “සුගන්ධ කර්පුර“ හා “රස කර්පුර“ ආදී කපුරු ප්‍රභේද කීපයක් ගැන සඳහන් වේ.

🌿 කපුරු තිත්තය, ඌෂ්ණය, පැසවීමේදී සිසිල් ගුණය දෙයි. සුවඳය, ඇසට හිතය, නින්ද කැඳවයි. සෙම්, පිත්ත, මේදය, ඉදිමුම්, විෂ, මුත්‍ර අඩස්සිය හා ශුක්‍ර දෝෂ සමනය කරයි.

🌿 මුඛයේ අමිරස සහ දුගඳ දුරලයි.

🌿 කපුරු තෙල් කටුකය, ඌෂ්ණය, සෙම් පහ කරයි, වාත රෝග, දැඩි රුජා සහ පිත් නසයි. චීන දේශයෙන් ලැබෙන කපුරු වඩාත් කටුකය, තිත්තය, ඌෂ්ණය, ස්වල්ප වශයෙන් ශීත ගුණ ඇත. 

🌿 සෙම් දෝෂ සහ උගුරේ දේෂ පහ කරයි. 

🌿 මල බුරුල් කරයි. 

🌿 කෘමීන් නසයි. 

🌿 අවි ආයුධවලින් තුවාල ලද විට කපුරුවලින් ප්‍රතිකාර කෙරේ.

🌿 කණේ සහ ඇසේ ආබාධ ආදියට කෙරෙන ප්‍රතිකාරවලදීත් විවිධ තෙල් බෙහෙත් සාදන විටදීත් කපුරු යොදනු ලැබේ.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර සේයාරූ අන්තර්ජාලයෙන්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කපුරු (Kapuru - Cinnamomum Camphora) කපුරු (Kapuru - Cinnamomum Camphora) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment