කප්පරවල්ලිය [Kapparawalliya] (Coleus Amboinicus)

කප්පරවල්ලිය [Kapparawalliya] (Coleus Amboinicus) - Your Choice Way

🌿 කප්පරවල්ලිය මාංසල පත්‍ර සහ කඳක් සහිත පඳුරක් ආකාරයට වැඩෙන බහුවාර්ෂික පැළෑටියකි.

🌿 ශාකය පුරාම බූවක් දක්නට ලැබේ. කඳේ පහල ගැටවලින් මුල් හට ගනී.

🌿 පත්‍ර පුළුල් අණ්ඩාකාරය. බුව සහිත පුෂ්ප මංරියක හට ගන්නා මල් රෝස දම් පැහැතිය. 

🌿 මැයි සහ ඔක්තෝබර් මාසවල මල් පිපිම සිදු වේ. කප්පරවල්ලිය ශාකයේ කඳෙහි සහ පත්‍රවල තෛල ග්‍රන්ථි පිහිටා ඇති අතර මෙහි කඳෙන් සහ විශේෂයෙන් පත්‍රවලින් සැර සුවඳක් වහනය වේ. 

🌿 කප්පරවල්ලිය Lamiaceae කුලයට අයත් ශාකයකි.

🌿 ක්ෂය රෝගය, ඉක්කා, උගුරේ ඇතිවන දැවිල්ල, ස්වාසනාලිකා ප්‍රදාහය, නිව්මෝනියාව, පැපොල, වසූරිය, ඇදුම, කැස්ස, මීමැස්මොර, අක්ෂි රෝග, අක්මා රෝග, කුසගිනි මදිකම, ආහාර අරුචිය, අතීසාරය, පාචනය, උදරයෙහි වාතය එකතුවීම, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ගල්, මුත්‍ර දැවිල්ල,පණු රෝග, මුඛ දුර්ගන්ධය ආදී රෝග තත්වයන් බොහෝමයකට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් කප්පරවල්ලිය ශාකයේ කොළත් ඇතැම් විට සම්පූර්ණ ශාකයමත් භාවිතයට ගනී.

🌿 කප්පරවල්ලිය පැණිය, කප්පරවල්ලිය ක්වාතය මෙම ශාක කොටස් යො දා නිපදවන ඖෂධයන්ය. 

🌿 උදර වේදනාවන්ට සහ අතීසාරයට කප්පරවල්ලිය කොළ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ මේස හැඳි එකක් දෙහි ඉස්ස, මී පැණි සමඟ දීම ගුණ වේ.

🌿 ඇදුම සහ ක්ෂය රෝගය සඳහා කප්පරවල්ලිය පැණිය ඉතා ගුණදායක බව සඳහන් වේ. කප්පරවල්ලිය කුසගිනි වඩවන, පණුවන් නසන, වේදනා නාශක ආදී ගුණයන් රැසක් සහිතයි.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
කප්පරවල්ලිය [Kapparawalliya] (Coleus Amboinicus) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කප්පරවල්ලිය [Kapparawalliya] (Coleus Amboinicus) කප්පරවල්ලිය [Kapparawalliya] (Coleus Amboinicus) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment