බිත්තර එළවළු නුඩල්ස් හදමු (Egg Veggie Noodles)

බිත්තර එළවළු නුඩල්ස් හදමු (Egg Veggie Noodles) - Your Choice Way

අද දවල්ට බත් කන්න කම්මැලි හිතුනා . හැදුවා රස නුඩල්ස් එකක් . බිත්තර එළවළු නුඩල්ස් (Egg Veggie Noodles) . හරිම රසයි ගුණයි වගේම ලෙහෙසියි හදන්න . මම නම් කන්න මීට් බෝල්ස් කරි එකක් හැදුවා . තක්කාලි සෝසුත් තියෙනවා . මම දැම්මේ නැහැ මට හොඳ නැති නිසා .
මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • නුඩල්ස් (ගෙදර ඉන්න කට්ටිය අනුව. මම ගත්තේ කුරක්කන් නුඩල්ස් . අපි ගෙදර කන්තේ ඒවා)
  • කැරට් අල 1   (ග්‍රේට් කරලා)
  • ලීක්ස් ටිකක්  (සිහින්ව කපා ගත්)
  • ගෝවා ටිකක්   (සිහින්ව කපා ගත්)
  • බිත්තර 2 
  • ලොකු ළුනු ගෙඩ්  1/2  (සිහින්ව කපා ගත්)
  • සුදු ළුනු බික් 4  (සිහින්ව කපා ගත්)
  • තක්කාලි සෝස් මේස හැදි 2 
  • ගම්මිරිස් තේ හැදි  1/2
  • ලුනු රස අනුව 
  • තෙල් මේස හැදි 4 (තෙම්පරාදු කිරීමට)

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව භාජනයක් ලිප තබා ලුනු තේ හැදි 1 දමා වතුර උණු කරන්න. උතුරන විට නුඩල්ස් දමා තම්බා පෙනේරයකට දමා ඇල් වතුරින් සෝදා වතුර බෙරෙන්න තබන්න .
  2. භාජනයකට තෙල් දමා රත් වු විට සුදු ළුනු සහ ළුනු එකතු කර යාන්තමට බැදෙන විට කැරට් එකතු කර හොඳින් මිශ්‍ර කර යාන්තමට බැදෙන්න දෙන්න . 
  3. ඊට පසු ගෝවා එකතු කර එයත් යාන්තමට බැදෙන විට ලීක්ස් ටික එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
  4. දැන් ලුනු කුඩු සහ ගම්මිරිස් කුඩු තේ හැදි 1 /2 ක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
  5. භාජනයේ ඇති එළවළු වටේට තබා මැද හිස්ව තබා බිත්තර 2 එකතු කර බැදෙන්න දෙන්න . පසුව සියල්ලම හොඳින් මිශ්‍ර කරන්න . 
  6. අවසානෙට තම්බා ගත් නුඩල්ස් එකතු කර හොඳින් කලවම් කරන්න.
හදලා බලන්න කෝ . Dhammika Panangala (ධම්මිකා පනංගල)

බිත්තර එළවළු නුඩල්ස් හදමු (Egg Veggie Noodles) - Your Choice Way

බිත්තර එළවළු නුඩල්ස් හදමු (Egg Veggie Noodles) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිත්තර එළවළු නුඩල්ස් හදමු (Egg Veggie Noodles) බිත්තර එළවළු නුඩල්ස් හදමු (Egg Veggie Noodles) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment