Dampiyaawa Neth Piyaana Song Lyrics - දම්පියාව නෙත් පියාන ගීතයේ පද පෙළ

Dampiyaawa Neth Piyaana Song Lyrics - දම්පියාව නෙත් පියාන ගීතයේ පද පෙළ
Song Title : Dampiyaawa Neth Piyaana (දම්පියාව නෙත් පියාන)
ගායනය : විශාරද ගුණදාස කපුගේ


දම්පියාව නෙත් පියාන බලන් සිටිම්දෝ
දිනේය ජන නෙත් අයාන බලා සිටිනුදෝ
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
මහාවීර මහ පොළවේ ජනිත නොවනුදෝ

අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
දහම් පදය පොත් ගුල් තුළ ඉකිබිඳ වැලපෙති
දම්දීපය දම් අමාව බත් වෙනුවට කතී

දියසෙන් රජු ආවෙත් නැත එයින් තැවුණි සිත
දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
පන් දහසක් කල්ගිය තැන දම්දීපය නැත
තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහ බෝසත

තිදස පුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ
තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ
තිදස පුරෙන් බිමට අවුත් බිහිවනු බෝසතුනේ
තව දෙදහස් පන්සියයක් ඉඳිනු බැරිය ඉතිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dampiyaawa Neth Piyaana Song Lyrics - දම්පියාව නෙත් පියාන ගීතයේ පද පෙළ Dampiyaawa Neth Piyaana Song Lyrics - දම්පියාව නෙත් පියාන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2021 Rating: 5

0 comments:

Post a Comment