කැරට් බත හදමු (Carrot Rice)

කැරට් බත හදමු (Carrot Rice) - Your Choice Way

මම අදත් දවල්ට කන්න විශේෂ බතක් හැදුවා . කැරට්  බත (Carrot Rice).ඇත්තටම මේකත් හරිම රසයි වගේම ගුණයි . නිර්මාංශ අයට හොදයි . එවගේම ලෙහෙසියි හදන්න . මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කීරි සම්බා බත් ( මම රයිස් කුකර් එකේ කප් එකෙන් 2 උයා  ගත්තා රම්පෙ දමා  ) ඕන හාල් ජාතියක් ගන්න පුළුවන් .
  • කැරට්   අල  1  (මම ලොකු කැරට් අල 1 ග්‍රේට් කලා )
  • කහ කුඩු තේ හැදි 1 /4
  • කැලි මිරිස්  මේස  හැදි 1
  • අබ තේ හැදි 1 /2
  • එළගි තෙල් හෝ මාජරින් මේස හැදි 3 
  • කරදමුංගු සහ කරාබු නැටි 4 බැගින් 
  • කරපිංච (සිහින්ව කපා ගත්)
  • කුරුදු  කැබලි 2 පමණ 
  • ලුනු කුඩු 

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයක් ලිප තබා එළගි තෙල් හෝ මාජරින් දමා රත් වනවිට අබ දමා පුපුරන විට ළුනු  එකතු කර යාන්තමට බැදෙන විට එයට කරපිංච , කුරුදු , එනසාල් , කරාබු නැටි ,  එකතු කර යාන්තමට බැදෙන්න දෙන්න .
  2. දැන් කැරට් එකතු කර හොඳින් කලවම් කර ටිකක් වෙලා බැදෙන විට ලුනු කුඩු , කහ කුඩු සහ කැලි මිරිස්  එකතු කර හොඳින් මිශ්‍ර කර ටිකක් වෙලා  බැදෙන්න දෙන්න. කැමති නම් මේ වෙලාවේ බිත්තර 1 එකතු කරන්න .
  3. අවසානෙට පිස ගත් බත්  දමා හොඳින් මිශ්‍ර කර ලිප නිවා දමා ටික වේලාවක් ලිප මත තබා පසුව ඉවත් කරන්න.
හදලා බලන්න කෝ. Dhammika Panangala (ධම්මිකා පනංගල)
කැරට් බත හදමු (Carrot Rice) - Your Choice Way

කැරට් බත හදමු (Carrot Rice) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැරට් බත හදමු (Carrot Rice) කැරට් බත හදමු (Carrot Rice) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment