Birinda Mage Oba Song Lyrics - බිරිඳ මගේ ඔබ ගීතයේ පද පෙළ


Song Title : Birinda Mage Oba (බිරිඳ මගේ ඔබ)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ගුණදාස කපුගේ


බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත

බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ..//

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..

බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Birinda Mage Oba Song Lyrics - බිරිඳ මගේ ඔබ ගීතයේ පද පෙළ Birinda Mage Oba Song Lyrics - බිරිඳ මගේ ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment