Andakaren Durathithe Song Lyrics - අන්දකාරෙන් දුරාතීතේ ගීතයේ පද පෙළ

Andakaren Durathithe Song Lyrics - අන්දකාරෙන් දුරාතීතේ ගීතයේ පද පෙළ
Song Title : Andakaren Durathithe (අන්දකාරෙන් දුරාතීතේ)
ගායනය : හෙන්රි ජයසේන සහ විජේරත්න වරකාගොඩ
පද : හෙන්රි ජයසේන
සංගීතය : එච්.එච්. බණ්ඩාර
හෙන්රි ජයසේනයන්ගේ කුවේණී වේදිකා නාට්‍යයෙනි.


අන්දකාරෙන් දුරාතීතේ
අන්දකාරෙට අනාගතයේ
රැගෙනයාමට කතා පුවතක්
අන්දකාරේ සිට කියන්නේ

බොහෝ දේ සිදුවූ අතීතේ
වැළලිලා ඇත අන්දකාරේ
පොළෝ පස් යට උනුන් කඳුලැලි
ලෙයත් දහදිය එකට මුසුවී

පොළෝ තලයෙන් වැසුනු බිජුවට
නැගී එන සේ දිනෙක පසුකල
අතීතේ සැඟවුණු කඳුළු බිඳු
ලෙයත් දහදිය මඳ සිනා රැළි

අන්දකාරෙන් දුරාතීතේ
නැගී යළි එක්වේය අප හා
අපේ කඳුළැලි ලෙයත් දහදිය
සමග මුසුවී ලෝ දහම සේ

අන්දකාරෙන් දහස් වසරෙක
මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල්
වසා සැඟවූමුත් කුවේණිය

අදත් ඇය අප දෙස බලන්නී
හෙටත් යළි අප දෙස බලන්නී
දුරාතීතේ අන්දකාරය
මැදින් සිට එබිකම් කරන්නී

සදා ඇය අප හා සිටින්නී
දොරින් දොර සැම තැන වෙසෙන්නී
එදා හෙළු කඳුළුත් රුහිරු බිඳු
සදා අප වෙනුවෙන් හෙළන්නී

සදාකාලෙම ලොව පහළ වූ
සදාකාලෙම ලොව පහළ වන
කුවේනියමයි එකම ගැහැණිය
එදා උපනත් අද උපන්නත්

ඇයයි දුක් පීඩා විඳින්නේ
ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ
ඇයයි යකිනිය නම් ලබන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Andakaren Durathithe Song Lyrics - අන්දකාරෙන් දුරාතීතේ ගීතයේ පද පෙළ Andakaren Durathithe Song Lyrics - අන්දකාරෙන් දුරාතීතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2021 Rating: 5

0 comments:

Post a Comment